Thursday, August 10, 2017

මාරාන්තික ඩෙංගු ම්‍ඩින සැටි හරිද


    ඩෙංගු වැලඳෙන සැටි
දුරු වර්ග අතරින් සුදුපාට ලප ඇති (කොටියකු මෙන්ය) මදුරු විශේෂයක් වූ ඊඞ්ස් ඊජිටයිඊඞ්ස් ඇල්බොෂික්ටස් හා ඊස් පොලිනේසියන් මේ අතර කැපී පෙනෙන මදුරු වර්ගයේ මදුරුවකුගේ ගැහැනු සතකුගෙන් මාරාන්තික ඩෙංගු රෝගය වැලදෙනවා.
මේ ඩෙංගු මදුරු ගැහැනු සතා මීටර් 1000කට එනම් අඩි 3,300ක් පහළින් පියාසර කරමිනුයි සැරිසරන්නේ.
බොහෝ විට මුං මිනිස් රුධිරය උරාබීමට දෂ්ට කරන්නේ දවල් කාලේ.
මේ මදුරු පිරිමි සතා ලේ උරා නොබෙන අතර උන් බොන්නේ මල් පැණියි. විශේෂයෙන් සීනිවලට මේ පිරිමි මදුරුවා ඉතා කෑදරයි.
ඩෙංගු බෝ කරන මදුරු ගැහැනු සතා 
නිරීක්ෂණය කරන්නෙ මෙහෙමයි.

පාදවල මාරුවෙන් මාරුවට සුදු`ඵ ලෙස තීරු දැකිය හැකියි.
ඊඞ්ස් ඇල්බොපික්ටස් වර්ගයේ මදුරුවාගේ උරහිසේ සුදුපාට ඉරක් දකින්න ලැබෙනවා. ඊඞ්ස් ඊජිප්ටයි වර්ගයේ මදුරුවාගේ උරහිසේ දෑකැති හැඩයෙන් සුදුපාට ලප දැකිය හැකියි. පාදවලින් ඩෙංගු මදුරුවා පහසුවෙන් හඳුනාගන්න පුඵවනි.



මදුරුවාගේ ගැහැනු සතා 
ලේ විතරක්
උරා බොන්නේ 
කොහොමදඒ ඇයි?                     
 ඌට තියෙනවා (උගේ හොටේ) කෙස් ගස් වගේ ඉතා සියුම් කටු හතක්. මේ කටු එකට එකතුවෙලා තියෙන්නේ පටලයකින්. මුලින්ම උගේ එක කටුවකින් විදිනවා. ඊළඟ කටුවෙන් (බටයක් වැනි) ලේ උඩට ඇදගෙන බොනවා. තවත් කටුවකින් උගේ කෙළවිදපු තැන මුදා හරිනවා.
අපි කවුරුත් දන්නවාමදුරුවකු විද්දාම ඒ විදපු තැන කසනවා. ඒ කසන්නේ උදේ අර කෙළ නිසා. එතැන කැසීම නවත්වන්න මද්‍යසාර ඩිංගිත්තකට පු`ඵවන්ලු.
කෙනෙකු වටා මදුරුවකු කැරකෙන්නේ ඔහු ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඞ් වායුවේ ගන්ධයට ඇදිලා ඇවිත්.                                
                                                                                  
මෙන්න ඩෙංගු වයිරස

වෛද්‍ය විද්‍යාවේ ඩෙංගු වයිරස කාණ්ඩ 4ක් තිබෙනවා. ඩෙංගු දර්ශක 123 හා 4 ලෙසයි. ඒවා නම් කර ඇත්තේ. ඩෙංගු රක්තපාත උණ නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ ප්‍රථම වතාවට රෝගයට ගොදුරු වූ අය නොවෙයි. මීට පෙර රෝගයට ගොදුරු වී සුව වී යළිත් රෝගයට ගොදුරු වූ අයයි.
අපේ ශරීරයේ ප්‍රතිදේහවලට වයිසරයක් එක්ක සටන් වදින්න බැරිද?

පුඵවනි. නමුත් ප්‍රතිදේහ කරන්නේ ආරක්ෂකාරි පිළිවෙතක්. නමුත් ඩෙංගු වයිරසයට එරෙහිව ශරීරයේ විශේෂ ප්‍රතිදේහ ක්‍රියාවලියක් සිදු වෙනවා.

මොකක්ද ඒ සුවිශේෂ ක්‍රියාව
යම් ඩෙංගු දර්ශක කාණ්ඩයක් විෂබීජයක් ශරීරයට ඇතු`ඵවූ වහාම ඒ වයිරසයත් එක්ක සටන් කරනවා වෙනුවට ඒ ආගන්තුක වයිරසයට ශරීරය තුළ වැඩෙන්න ඉඩ හරිනවා. රුකුල් දෙනවා. අනුබල දෙනවා.

එසේනම් ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තිකරණ කිසිවක් සොයාගෙන තිබෙනවාද?
තවම නැහැ.
විද්‍යාව දියුණුවෙලත් පුදුමයි ! එසේ නම් කළ යුත්තේ කුමක්ද?
ඩෙංගු මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමෙන් ඩෙංගු වාහක මදුරුවා බෝවීම නැත්තටම නැති කිරීමෙන්. ඒ වාගේම මදුරුවාගෙන් සිරුර දෂ්ට කිරීමෙන් ආරක්ෂා වීමෙන්.
ඩෙංගු මදුරුවාගේ ගැහනු සතා තෝරා ගන්නේ තෙතමනය සහිත ශරීරයක්. එයින් ඌ බඩපුරා ලේ උරා බොන අතර බඩ පුරවා ගැනීමෙන් පසු ශරීරයක් නොවන තැනක වසා සිටිනවා. මිනිස් ලේවල තිබෙන ප්‍රෝටීන් උගේ බිත්තර වැඩීමටත් ඒවායින් පැටව් බිහි කිරීමටත් මහත් සේ උපකාර වෙනවා.




















වරකට බිත්තර කීයක් විතර දානවද?

බිත්තර 100ක් 200ක්. පිරිසිදු ජලයේ දමයි. මෙ බිත්තර ඇලෙනසුලුයි. බිත්තර ඒ තැනින් ඉවත් නොකළේ නම් වියළි ස්වභාවයෙන් මාස 6ක් 12ක් තරම් වුණත් කාලයක් නොනැසී පැවතිය හැකියි.
උදේ 8-10 අතර කාලයේත් සවස 3-6 අතර කාලය තුළයි ඒ මදුරුවා දෂ්ට කරන්නෙ.
බිත්තරයකින් මදුරු පැටවකු ඇති විමට කොතරම් කාලයක් ගතවෙනවාද?
සතියක පමණ කාලයක්
මදුරුවකු විද්දාම විතරද ඩෙංගු බෝවෙන්නෙ

නැහැ. ඩෙංගු ආසාදනය වූ රුධිරය තව කෙනෙකුට එන්නත් කළොත් හෝ ඩෙංගු ආසාදිත පුද්ගලයෙකුගේ ඉන්ද්‍රියක් වෙනත් කෙනෙකුට බද්ද කළොත්.
ඒ විතරක් නෙමෙයි. ගර්භීණි අවධියේදී මවගෙන් දරුවාටත් ඩෙංගු හැදෙන්න පු`ඵවනි. නමුත් එවැනි අවස්ථා බොහොම විරලයි. තවද දියවැඩියාව, ඇදුම යන රෝග දෙකෙන් පෙළෙන කෙනෙකුට ඩෙංගු හැදුණොත් රෝගය මාරාන්තික වෙන්න පුඵවනි.

හැම උණක්ම ඩෙංගු නොවෙයි. කොහොමද ඩෙංගු හැදුණාම හඳුනාගන්නේ

ඩෙංගු උණ හැදෙන්නෙ වයිරසයක් මගින්. මේක බෝවන රෝගයක්. ඩෙංගු උණ සමග ඩෙංගු රක්තපාත උණ නිවර්තන කලාපවල ජීවත්වන අයට ඇතිවන රෝග තත්ත්වයක්. අප ඉන්නෙත් නිවර්තන කලාපයක.
මාංශ පේශිවලත්, හන්දිපත්වලත් ඇතිවන ඉතා වේදනාකාරි තත්ත්ව නිසා ඇටකඩු තලාපෙළා දමන උණක් තමයි ඩෙංගු රෝගියකුට හැදෙන්නෙ. ඒ රෝග ලක්ෂණ ක්ෂණයකින්ම ඇතිවෙලා ඒ එක්කම වාගේ තදබල හිසේ කැක්කුම, හමේ තැනින් තැන ඇතිවන පැල්ලම්. ඒ පැල්ලම් දීප්තිමත් තද රතු පාටයි. පුංචියි. මුලින්ම ඒ පැල්ලම් එන්නේ පපුවෙයි. කලවාවලයි සමහරුන්ගේ මු`ඵ ශරීරෙම. බඬේ ඇතිවන අම්ල ගතියට සම්බන්ධ බඬේ කැක්කුම, ඔක්කාරය, මලපහ බුරුලෙන් යාම ඇතිවිය හැකියි.
ඩෙංගු රක්තපාත උණ නම්

දින 2-7 දක්වා පවතින අතර උණ, සම යට කුඩා රතු පැල්ලම්. විදුරුමස් වලින් ලේ ගැලීම්. නාසයෙන් ලේ ගැලීම්, `ඵ දුඹුරු පාටින් වමනය ඇති වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලීම නිසා මලපහ වන්නේ දුඹුරු පාටින්. මුත්‍ර සමගත් ලේ යන ස්වභාවය. අක්මාව ඉදිමීමෙන් ඇතිවන අධික බඬේ වේදනාව.
ඩෙංගු කම්පන තත්ත්වයේ රෝග ලක්ෂණ

සුදුමැලි වීම, අත්පා සීතල වීම, නාඩි වැටීම වේගවත් වීම, රුධිර පීඩනය අඩු විම.
ඩෙංගු නිසා වෙනත් ඇතිවන ගැටලු.

ශරීරයේ විවිධ පද්ධතිවලට බලපෑ හැකියි. තනිව හෝ ඩෙංගු රෝග ලක්ෂණත් සමග හෝ සිදුවිය හැකියි. ඉතා අසාධ්‍ය වූ රෝගීන්ගෙන් 0.5-6%ක් පමණ රෝගීන්ට සිහිනැති වෙයි. ඩෙංගු වයිරසයෙන් මොළේ පවා ආසාදනය වන නිසායි ඒ.
අක්මාවටත් හානිවෙන්න පුළුවනි.

විද්‍යාව ඉගෙන ගන්නා ළමයි දන්නවා අපේ ඇඟේ යම් කුඩා හෝ තුවාලයක් ඇති වුණාම ලේ ගලා ඇවිත් ටික වේලාවකින් ලේ ගැලීම නතර වෙනවා. එහෙම වෙන්නේ ලේවල තිබෙන පට්ටිකා නිසා. අප ඒවාට තමයි රුධිර පට්ටිකා කියලා කියන්නෙ. රුධිරයේ මේ පට්ටිකා අඩු වුණොත්, නැති වුණොත්, මොකද වෙන්න. ලේ ගැලීම් නතර වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ ඒ ලේ කැටි නොගැසී ශරීරය ඇතුළේ අනෙක් ඉන්ද්‍රියන්ටත් සීමා රහිතව ලේ ගලන්න පටන් ගන්නවාය කියන එක. මේ ලේ කැටි නොගසන්න ඩෙංගු කම්පනයකට පු`ඵවන් රෛසයට.
රෝග කාරක වෛරසය හඳුනා ගනිමු.

ෆ්ලවවිරිඬේ කුලයට අයත් ඍභ් වයිරසය. මේ කුලයට අයත් අනෙකුත් වයිරසය ලෙස, කහ උණ වයිරසය, වෙස්ට්නයිල් වයිරසය, ශන්ත ලුව එන්සෆලීට්ස් වයිරසය, ජැපනීස්න් එන්සෙෆලැයිට්ස් වයිරසය, ටික් බොර්න් එන්සෙෆලයිට්ස් වයිරසය, බ්යසනුර් ෆොරෙස්ට්ඩීසීස් වයිරසය, සහ ඔම්ස්ක් හෙමොරහජ්ක් උණ වයිරසය හැඳින්විය හැකිය.
මින් බහුතරයක් අත්‍රප්‍රෝඩාවන්ගෙන් (මදුරුවන් හෝ ටික්කන්ගෙන්) බෝවන රෝගයි. ඒ නිසා මේවා අර්බො වයිරසය යන නමින් හැඳින්වෙනවා.
ළදරුවන් හා කුඩා ළමයින් ඩෙංගු රෝගය හේතුවෙන් බහුලව පීඩා විඳින අතර අනෙකුත් රෝග සමග සැසඳීමේදී වැඩිපුර පීඩා විඳින්නේ හොඳින් පෝෂ්‍යදායිව වැඩුණු දරුවන්.
අපි ඩෙංගු වයිරස දර්ශක 4ක් තිබෙන බව සඳහන් කළා. එක දර්ශක කාණ්ඩයක වර්ගයකට සම්පූර්ණ රෝගය ඇති කිරීමට හැකියි. එක් දර්ශකයකින් ආසාදනය වූ කෙනෙකුට එම දර්ශක වර්ගයට ජීවිතාන්තය දක්වා ප්‍රතිශක්තිකරණය ලැබුණත් අනෙක් දර්ශක කාණ්ඩ වර්ග 3 සඳහා ප්‍රතිශක්තිකරණය ඇතිවන්නේ කෙටි කාලයකට පමණයි.

රුධිර පට්ටිකාවලට ඇති සම්බන්ධයට
ඩෙංගු නිසා මොකද වෙන්නෙ

ඩෙංගු වයිරසය ශරීරගත වී මුල් දින පහ ඇතුළත ඒ රෝගියාගෙන් ලේ උරා බොන මදුරුවන් කරන නැවත දෂ්ට කිරීමකදී පමණක් රෝගය තව කෙනෙකුට බෝ වෙනවා.
ඉන් පසුව සුදු රුධිරානු හා බැඳෙන එම වයිරසය එයත් සමග සිරුර තුළ සංසරණය වෙමින් එම රුධිරානු තුළදී ඛණ්ඩනය වෙමින් වර්ධනය වෙනවා.. වයිරස ආසාදන හඳුනාගන්නා සුදු රුධිරානු, සංඥා ප්‍රෝටීන් නිපදවමින් මේ බව බාහිරට දැනුම් දෙයි. සිරුරේ ඇතිවන විවිධ රෝග ලක්ෂණ වන උණ, ඇඟ පත වේදනාව ඇති වන්නේ මේ නිසායි.
ඩෙංගු රෝගයේ උග්‍ර අවස්ථාවේ වයිරසය වේගයෙන් වර්ධනය වෙනවා. එවැනි අවස්ථාවේ වකුගඩු, අක්මාව හා හදවත වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියවල අකර්මණ්‍යතා රෝග ලක්ෂණ මතුවෙනවා. මීට අමතරව රුධිර ප්ලාස්මා දේහ කුහරවලට කාන්දු වීමත් රුධිර පීඩනය පහළ බැසීමත් රුධිර කැටි ගැසීමේ අගය අඩුවීමත් නිසා අභ්‍යන්තර ලේ ගැලීම වළක්වන්න දුෂ්කර වෙනවා. මේ නිසා තමයි රෝගියකු මියයන්නේ.
ලේ කැටිගැසීම සිදුවන්නේ රුධිර පට්ටිකා මගිනුයි. ඒ බව අප දැනටමත් දන්නවා. මේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙන බව දැකගන්න පු`ඵවන් වන්නේ දින තුනකින් පමණ බැස නොයන උණෙන් සිටින කෙනෙකුගේ ලේ පරීක්ෂාවකින් පමණයි.
රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීමෙන් ලේ කැටි ගැසීම නොවී තිබෙන නිසා ලේ ගැලීම් වැඩි වන බවත් ඒවා සිරුර අභ්‍යන්තරයේ සිදුවන නිසාත් ලේ වලින්මයි හඳුනා ගත හැකි වන්නේ. රුධිර පට්ටිකා අඩු වෙලා යනවානම් කළ යුත්තේ වහාම රෝහල් ගතවීමයි. දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් තුන්වන දවසේ රුධිර පරීක්ෂාව කරගන්නවා නම් තමයි හොඳ.
එහෙම බලන විටත් සමහර විට ලේවල රුධිර පට්ටිකා අඩු වෙලා නොතිබෙන්න පු`ඵවනි. නමුත් හතරවන දවසේත් ලේ පරීක්ෂා කළොත් රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවන බව දැකගන්න පු`ඵවනි. කිසිම පානයක් නොදී පැරසිටමෝල් දුන්නාට කමක් නැහැ. කියලයි වෛද්‍යවරු කියන්නෙ. වෙනත් ඖෂධ දුන්නොත් බරපතළකම තමයි සංකූලතා ඇතිවීම. අනෙක රෝගියා රෝහලට නොපැමිණීමෙන් ඇතිවන අවදානම. (සංකූලතා යනු ශරීර අභ්‍යන්තරයෙන් ඇති අවයවවලට ඇතිවන හානියයි)

මෙන්න හිතාගෙන ඉන්න දුර්මතය

රුධිර පට්ටිකා ප්‍රමාණය  ඉතා අඩුවීම නිසාම ඩෙංගුවලින් රෝගීන් මියයනවා කීම. ඉබේ ඩෙංගු උණ බැහැලා යාම. පසුව උණ වැලඳිලා හත්වන, අටවන දින වන විට නියත වශයෙන්ම ස්වාභාවිකවම රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිවෙනවා. එයට බාහිර බලපෑමක් අවශ්‍ය නැහැ.
ඩෙංගු ඇතිවීමට හේතු

කරුණු 6 ක්
1.       නොසැලකිල්ල නොහොත් අනුවණකම
2.       අනෙකා කෙරෙහි සැලකිලිමත් නොවීම
3.       අධ්‍යාපනයේ ඌන පෝෂිත බව
4.       බොහෝ දෙනෙකුට සමාජ අවබෝධය නැතිකම
5.       අනුන් කරන තෙක් හෝ තමන්ට ලැබෙන දිනුමක් ප්‍රතිලාභයක් වැන්නක් හෝ බලාපොරොත්තු වීම
6.       රජයේ අවම හා නොවිධිමත් මැදහත් වීම

ඉහත කාරණා 6 අපි ලිහා බලමු.

1. නොසැලකිල්ල නොහොත් අනුවණකම

          නොදන්නාකමත්, නොසැලකිල්ලත් දෙකක්. නොදන්නාකම තරම් දැනගැනීම පිණිස තවත් සුදුසුකමක් නැහැ. නමුත් ප්‍රයත්නය නම් දන්නා අය නොදන්නා අයට කියා නොදීමයි. එවැනි ශාස්ත්‍රාලයීය ක්‍රමයක්වත් නැහැ. ඒ එක් පැත්තකි. තමන්ගේ ඇති උද්ධච්ඡකම අනුව අනුන්ගෙන් ඉගෙන ගැනීම පහත් කොට සැලකීමද දක්නට ලැබෙනවා. සු`ඵතරයක් නවීන විද්‍යා තාක්ෂණය ඔස්සේ වේගයෙන් ඉදිරියට දුවන අතර බහුතරයට බොහෝ දේ මඟ හැරෙන හෝ මග හරින හෝ  බවක් පෙනෙනවා. ඔවුන් සිටින්නේ සමාජයට බොහෝ පිටුපසින්. කියැවීම නැතිභංගවී බැලීම පමණක් සබුද්ධික වීමට බලපාන්නේ නැහැ. නමුත් අද බැලීම් හෙවත් නැරඹන් බහුලයි. එමගින් පිනවීම්ද සුලබයි. බොහෝ පිනවීම් හා ආස්වාද කුණු රසයෙන් සම්ප්‍රයුක්තයි. එයයි සංවේගය.
2.   අනෙකා කෙරෙහි සැලකිලිමත් නොවීම

සාමූහික සත්වයක වූ මිනිසා අද හුදෙකලා සතකු වී ඇති ප්‍රධාන හේතුව තමයි සමාජය ඊනියා ධනේශ්වරයෙන් ආඪ්‍ය වී පැවතීම. ආදරය අතුරුදන් කර මුදලට මුල් වූ සමාජය ජීවත්වන හුදෙකලා මිනිසාට හැකි තරම් පීඩනයම (ිඑර්ි) ළං කරලා. නොයෙක් ප්‍රශ්න වලින් මිරිකෙනවා. එසේ වූ විට අනෙකා ගැන සෙවීම අත් හැරෙනවා. මගේ එකා, මගේ එක, මගේ ගෙය, මගේ ළමයා, මගේ මගේ මගේ වී අපියන උක්තය සිංහල භාෂා පොතට පමණක් සීමා වෙලා තිබෙනවා. ඊනියා ධනේශ්වරය අපේ රටින් තුරන්කරන්න බැහැ. නමුත් එය තේරුම් ගෙන ඒවාට මුහුණ දී ජීවත් වීමයි වැදගත්.
3.   අධ්‍යාපනයේ ඌන පෝෂිත බව

ලාංකික පාසල් පද්ධතිය රාජ්‍ය නිල වර්ගීකරණයට අනුව දේශපාලනික වූ පංති සමාජ ස්තරය තම පංති පැවැත්ම සඳහා ස්වයං වර්ගීකරණයකට යොමු කර තිබෙනවා. එමෙන්ම ජාතික අධ්‍යාපන කොමිසමේ නිලදරුවන් එයට සුජාතභාවය ලබා දීලා තිබෙනවා.. ප්‍රභූරවරුන්ට ඉහළ සමාජයේ ප්‍රභූ පංතිය සඳහා ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික සුපිරි පාසල්ද, මධ්‍යම පංතිය සඳහා නාගරික ජනප්‍රිය පාසල් ද, දුගී ජනයා සඳහා ග්‍රාමීය පාසල්ද මෙලෙස සමාජය මත සිරස්ව බෙදී  ගිහින්. අධ්‍යාපන සමාජය පංති පදනමක් මත විභේදනය කර දැමීම නිසා ලාංකික සමාජය තුළ මූලික අර්බුදයක් ඉස්මතු වෙලා. ප්‍රාග්ධනය මත භ්‍රමණය වන සමාගම් ගෝලීයකරණ සූරාකෑමෙන් පීඩා විඳින වතු කම්කරු, නාගරික කම්කරු, නාගරික හා ග්‍රාමීය දිළින්දන් හා ගොවි ජනයා අසිමාන්තිකව දරිද්‍රතාව වෙත තල්ලු කරමින් අධ්‍යාපනයට ප්‍රවේශවීමේ වරප්‍රසාදය දිළිඳු දරුවන් වෙතින් උදුරා ගෙන.
යුනිසෙෆ් ප්‍රකාශනයේ නිර්වචනයට අනුව අද දරුවා 21 සියවසේ පුරවැසියෙකිසියවසේ නව මිනිසා නිර්සාක්ෂරතාවෙන් පීඩා විඳින්නේ නම් එරටෙහි අධ්‍යාපනය සහ අනාගතය කෙතරම් නිරෝගිද? පසු නිදහස් සමයේ සමස්තයක් ලෙස අධ්‍යාපනික අවස්ථා සිත් ගන්නා විලාසයෙන් ඉහළට ඔසවා තැබුවත් එය පුරවර සීමා මායිමෙන් එපිට ගම් දනම් වෙත ගලා ගියේ විසමතාව සම්මිශ්‍රව ඉතා මන්දගාමීවයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ ගැටලු බොහේ පැලැස්තර ප්‍රතිසංස්කරණ මගින් විසඳුම් සෙවිය හැකි ඒවා නොවෙයි. රටේ දේශපාලන, ආර්ථික හා සමාජ ව්‍යුහය තුළ මෙම ප්‍රශ්න ඉතා ගැඹුරට මුල් බැහැලා.
වර්ගීකරණයට සාපේක්ෂව ගතහොත් 1-්ඊ වර්ගයේ පාසල් 21 ක්ද, 1-ක්‍ පාසල් 140ක්ද, දෙවන වර්ගයට අයත් පාසල් 329ක්ද, ඉතිරි සියලුම ග්‍රාමීය පාසල් දුෂ්කර පාසල් 303 තුන්වන වර්ගය ලෙස මානව හා භෞතික සම්පත් සාධාරණව බෙදී නොයෑමෙන් දුර්වලවීමට ඉඩ හැරලා.
බොහෝ පාසල්වල  තිබෙන්නේ මානව හා භෞතික සම්පත් හිඟයක්. පාසල හා මාපියන් අතර සබඳතාවද එතරම් යහපත් නෑ. ආර්ථික හා සමාජමය ගැටලු ඉස්මතු වීමෙන් ළමුන්ගේ අධ්‍යාපන සෘණ අංශකයක් වෙත ගමන් කර තිබෙනවා.
විවෘත වෙළෙඳපොළ ක්‍රමය ලාංකික භූමිය මත එළා දැමීමත් සමඟ සමාජය තුළ විවිධ ප්‍රතිවිරෝධතා මතු විය. පෞද්ගලිකරණය මගින් රාජ්‍ය ව්‍යවසාය හා පොදු දේපළ අත්පත් කරගැනීම රාජ්‍ය සුබසාධනයෙන් ඉවත් වීම වැනි හේතු මත විරැකියාව, ඉඩ අහිමිවීම, ග්‍රාමීය ජනයා නගර වෙත ආකර්ෂණය වීම සහ සංක්‍රමණය වීම, දිළිඳුකම ඉතා ඉහළ වේගයෙන් වර්ධනය වුණා. මෙම තත්ත්වය පිළිබඳ මනා විග්‍රහයක යෙදෙන ජයසේන බුත්පිටිය විසින්රචනා කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති හා පරිපාලනයනමැති ග්‍රන්ථයේ පසුගිය දශක දෙක තුළ දක්නට ලැබුණු ප්‍රවණතාවල සමුච්චිත ප්‍රතිඵලය වී තිබෙන්නේ සර්වජන සාක්ෂරතාව හා ප්‍රාථමික අධ්‍යාපන තත්ත්වයන් හිමිකර ගැනීමේ ජය ස්ථම්භය තවමත් අඳුරු සෙවණැලිවලින් වැසී ඇතැයි යනුවෙන් සටහන් කරනවා. සෑම වසරකම ළමා පිරිසෙන් 8%ත් 10%ත් දක්වා සඛ්‍යාවක් පාසල් පද්ධතියට කිසිවිටක එක් වන්නේ නැහැ.
මෙරට පාසල් අධ්‍යාපනය රටේ ආර්ථික ප්‍රගමනයට හිතකර ඉගෙනීමක් හා පුහුණුවක් ලබාදෙන්නේ නැහැ. තමන්ට ඉසිලිය හැකි ජීවන රටාවක් අනුගමනය කරමින් සංවර්ධන ව්‍යාපෘතින්ට ආයෝජනය කරනු පිණිස දේශීය ඉතුරුම් ඉහළ නැංවීමට දේශියව නිපදවනු ලබන භාණ්ඩ හා සේවා භාවිත කිරීමෙන් එම ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රසාරණයට අවස්ථාව සලසා දීමට ජනතාව සූදානම් කිරීමක් අධ්‍යාපනයෙන් සිදුවෙනවා. “(ඩී.ඇම්. තිලකරත්න බණ්ඩා ලංකාවේ අධ්‍යාපනය)
          අධ්‍යාපනයේ දුබලතා පවතින බව ප්‍රකාශ කිරීමෙන් පමණක් සෑහෙන්නේ නැහැ. අධ්‍යාපන ක්‍රමයේ ඉහළ තලයේ සිට පහළ දක්වා ව්‍යුහමය දුර්වලතා, දූෂණ අල්ලස, දේශපාලනීකරණය සුලබ කරුණක් වුණත් රාජ්‍ය තුළ වර්ධනය වී ඇති නිහඬතා සංස්කෘතිය  ඒ සියල්ල ප්‍රශ්න කිරීමෙන් තොරව ඉවසා සිටීමට පුරුදු වී සිටිනවා. මෙම නිහඬතාව තුළ පාසල, ගුරු වෘත්තිය, පරිපාලනය අතර සම්බන්ධතාව දැඩි පරිහානියට පත්වී ඇත. එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිදු කළ අගනා පර්යේෂණ කිසි දිනෙක ප්‍රකාශයට පත්වීමටද බාධා පැමිණ වුණා. අධ්‍යාපනයට සම්බන්ධ තීරණ ගැනීමේදී විශේෂඥ දැනුම ප්‍රතික්ෂේප වූ අතර, ප්‍රතිපත්ති සම්පාදනයේදී පෙරමුණ ගන්නේ දේශපාලකයායි. අධ්‍යාපන හා සමාජමය ඥාන ගවේෂණයකින් තොර දේශපාලකයා ප්‍රදේශීය වශයෙන් අධ්‍යාපන විනාශ කර දමන පිළිලයක් වී ඇත. ඉතා දැඩි ලෙස කේනද්‍රීය බලයක් සහිත අධ්‍යාපන පරිපාලනය විමර්ශනයේ හා විනිවිදභාවයෙන් තොර වීම දූෂණයට තෝතැන්නක් නිෂ්පාදනය කරලා තියෙනවා.
          ආර්ථික හා දේශපාලන විසංවාද විසින් රාජ්‍ය හා සංකේත බලය කම්පනයට පත් කරනු ලබන විට සමාජය අර්බුදයක් වෙත ගමන් කිරීම නොවැළැක්විය හැකි හේතුවක්. රාජ්‍ය තුළට සියලු වාර්ගිකයන්ගේ හා ප්‍රජාමණ්ඩලවල අභිලාස ගොනුකර ගැනීමට පුරවර දේශපාලනය අසමත් වීමෙන් වඩාත් ව්‍යසනයට පත් වන්නේ දේශපාලනයයි. එහෙයින් සහස්‍රක ඉලක්කය ලෙස 1999දී සිතියම් ගත කළ සෑම දරුවෙක්ම පාසල වෙත කැඳවීමහුදු සිහනයන් වුණා. ඵල දැරිය යුතු වෘක්ෂයක වෙළා ගත් යෝධ පිළිලයක් මෙන් විභාග ක්‍රමය සමස්ත අධ්‍යාපන ක්‍රමයම විනාශ මුඛයට ගොදුරු කරන තත්ත්වයට වර්ධනය වෙලා. විභාග කෙරෙහි අවධාරණය අතිශයින්ම වැඩි වීමේ හේතවෙන් ළමයින්  උගතමනා දේ නිසරු වී ගොස් තිබෙනවා. මුදුනට නඟින්නට දඟලන ටික දෙනෙකුගේ අවකාශය පමණක් ගැන සෙවීම නිසා නැගිය නොහැකි බහුතර සංඛ්‍යාවකගේ අවකාශය ඇත්තෙන්ම නොසලකා හැර ඇත. (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ-1981)
4.   බොහෝ දෙනෙකුට සමාජ අවබෝධය නැතිකම

සමාජ අවබෝධය ලැබෙන්නේ අත්දැකීම් ලැබීමෙනි. එය කියැවීමටත් වඩා ප්‍රබලයි. අත්දැකීම් ලැබීමට නම් සමාජානුයෝගීවිය යුතුයි. එනම් සමාජයේ විවිධ මිනිසුන් ඇසුරු කළ යුතුයි. මිනිසුන් තෝරාගෙන ඔවුන් කියවිය යුතුයි. ඒ ඒ මිනිසුන් සමග අන්‍යොන්‍යව අදහස් හුවමාරු කරගෙන ප්‍රතිපෝෂණය විය යුතුය. චරිතවලින් ජීවිතය ඉගෙනගත හැකිය. සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ධාරාව අධ්‍යයනය කළ යුතු වෙනවා. මේ හැර සමාජය අවබෝධ කර ගැනීමට වෙනත් මගක් නැහැ.

5.   අනුන් කරන තෙක් හෝ තමන් හමුවේ ඕපපාතිකවන ප්‍රතිලාභ, ජයග්‍රහණ දෙස බලා සිටීම
          නිෂ්පාදන බලවේගයක ඇණ මුරිච්චියක් හෝ වීමෙන් නැතහොත් ශ්‍රම බලකායේ එක් අංශයක් නියෝජන කිරීමෙන් හෝ තමන්ට ගොඩ යා හැකි යයි සිතන නැතහොත් සැමවිටම යථාර්ථය විශ්වාසය කරනවා. මෝඩයෝ කරන්නේ වෙනත් බලවේගයක පිහිට පැතීම. ඒ දෙවියන්. සිටිනවායි කියන දෙවියන් කිසිවකුටත් නොපෙනේ. ඔවුන් ලංකාවේ ජනතාව අදහන්නේ පිහිටක්බලාපොරොත්තුවෙන්මයි. මෙතරම් විද්‍යාව දියුණු වී තිබියදී වෛද්‍ය වාර්තා පසෙක තබා දේවාලයට යන පිරිමි සහ ගැහැනුන්ට උඩගෙඩි දෙන්නන්ට ඇතැම් ප්‍රධාන පෙළේ විද්‍යුත් හා පුවත්පත් මාධ්‍ය සැදැ පැහැදී සිටිනවා. පුවත්පත් පිටු ගණන් දෙවියන්ට හා දෙවියන් රකින අදහන කපුවන්ට වෙන් කරනවා.
          දහඩිය මහන්සිය නොහොත් ශ්‍රමයෙන් දියුණු විය යුතුයි. එක්කෝ විදයාත්මක කරුණු මත පදනම්ව ජීවත්විය යුතුයි.
දරිද්‍රතාව එක් එක් මට්ටමින් ගැඹුරු ගංදියේ ගැඹුරේ සැඩ ප්‍රවාහය වාගෙයි. කගේත් අපේක්ෂාව ආදායම තරකර ගැනිම. එහෙත් ඔවුන් අපේක්ෂාභංගත්වයට පැමිණෙනවා.
6.   රජයේ අවම මැදහත් වීම

          සෞඛ්‍ය වෙනුවෙන් අමාත්‍යාංශයක් රටෙහි වේ. සෞඛ්‍ය ඇමතිවරයා සිටින්නේ රජයේයි. කලින් කලට ව්‍යාසන හට ගන්නවා. ස්වාභාවික මෙන්ම බලපෑමක් අනුව දෙවිධියටම සිදුවන ආපදා සහ ව්‍යසන රජය ගන්නේ කවර ක්‍රියාමාර්ගද? රටවැසියා විනාශවන තැනට යනතුරු බලාසිටීම කිසිදු රජයකින් කෙරෙන්නේ නැහැ. එහෙත් ඩෙංගු උවදුර වෙනුවෙන් වන මැදිහත්වීම් ඉතා මන්දගාමියි. අවිධිමත් නීති දැමීමෙන් පමණක් ඩෙංගු මර්දනය කළ නොහැකි බව සැබෑවක්. නමුත් වහවහා ක්‍රියාමාර්ග යෙදිය යුතුයි. මාධ්‍ය සංදර්ශන පමණක් පැවැත්වීම පල රහිත ක්‍රියාවක් සේම උවදුරට එරෙහි බැක්ටීරියා වෛරස්. ආනයනය කිරීම ක්‍රියාත්මක කිරීමට අසීරුයි. වැසියා ඊට කදිම විසඳුමක් යෝජනා කරනවා.
ඩෙංගු මර්දනය කළ හැකිද?

හැකිය. ඒ කෙසේද? ආණ්ඩුවට මඟ පෙන්වීමක්
ඒ සිදු කරන්නේ ජනමාධ්‍ය දෙස බලා හෝ ජනමාධ්‍යයෙන්වත් නොවේ. ප්‍රතිඵලදායි ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ රජයේ සෞඛ්‍ය ඇමතිවරයායි. ඒ මෙසේයි.
අප රටේ පළාත් 9ක් තිබෙනවා. වැඩිපුරම ඩෙංගු ඇත්තේ කවර පළාතේදැයි මුලින්ම හඳුනාගත යුතු වෙනවා. ඊළඟට ඒ පළාත් කුඩාම පරිපාලන ඒකකය ලෙස ගැනෙන ග්‍රාම නිලධාරි වසම තුළ හිටි ග්‍රාමනිලධාරිවරුන් හා වරියන් සියල්ලෙන්ම කොළඹ ස්ථානයකට එක් දිනෙක කැඳවිය යුතු වෙනවා. කොළඹ තැනෙක පවත්වන සැසිය අංග සම්පූර්ණ විය යුතුයි. ඩෙංගු මඬින සැටි පිළිබඳ වාචික මෙන්ම ලිඛිත ප්‍රකාශනයක් ඔවන් යළි තම වසම වෙත යන විට රැගෙන යන්නට ලබාදිය යුතු වෙනවා. සැසියේදී ප්‍රධාන කරුණු මේවා විය යුතුයි.
1.       තමන්ගේ වසම තුළ (වැයික්කිය තුළ) ඇති නිවාස සහ ඉඩම් ගණන නිශ්චය කර ගැනීම.
2.       ගමේ තරුණයන් දස දෙනකුගේ සංඛ්‍යාවක් කැඳවා ගැනීම.
3.       අදාළ ප්‍රාදේශීය සභාවේ හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හෝ වාහන (ට්‍රැක්ටර් දෙක තුනක්) මෙන්ම  දූමායනයට පහසුකම්, ඉණිමං කිහිපයක් ලබා දීම.
4.       ඒ සියලු දෙනාටම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම.
5.       සති අන්ත දින දෙකම නිවසින් නිවසට ගොස් පවිත්‍ර කිරීමේ කටයුතු නිසි ලෙස සිදුකොට සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කරන කාර්ය සාධක බළකායේ
6.       නිලධරයන්ට දැන්වීම
ඒ වාර්තා නිශ්චය කිරීමට ඔවුන් අදාළ වසමට ගොස් තහවුරු කර ගැනීම සමග මදුරුවන් බෝ වන ස්ථාන නැති බවට සහතික වීම.
ඊළඟට වෙනස් පළාතක ග්‍රාම සේවක වසම් වෙත යොමු වීම.
මේ ක්‍රියාවලිය විදෙස් රටකින් බැක්ටීරියා ගෙන්වීමත් ඊට වැය කරන ධනස්කන්ධයටත් වඩා අතිශයින් ප්‍රතිඵලදායක වන බව ප්‍රත්‍යක්ෂයි. දැන් සිදුවන්නේ කවර හෝ මැති ඇමැතිවරයකු මාධ්‍යයත් සමග තම ප්‍රදේශයේ ප්‍රජාවට හැකියාව පෙන්වීමයි.

ප්‍රතිකාර

කඩින්කඩ වැසි සහිත කාලයකදී ඩෙංගුවලින් වඩාත් පරෙස්සම් විය යුතු අය වන්නේ ගර්භිණී මවවරුන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඒ වාගේම නිදන්ගත රෝග තියෙන අයත්. මොකද? මේ අයට සංකූලතා ඇතිවීමේ අවදානම සමාන්‍ය අයට වඩා විකාර වැඩියි. ඒ නිසා උණ   හැදුණොත් පළමුවන උණ දවසේම රුධිර පරීක්ෂාවක් කරගන්න. වෙනසක් නැති වුණොත් නොකඩවා දින දෙකක් විතර රුධිර පරීක්ෂණ කරගන්න. ඩෙංගු වැලඳුනාම ගර්භිණි මව්වරුන් හිතනවා. ඉපදෙන දරුවාටත් ඒක හැදෙයි කියලා. එහෙම බයවෙන්න දෙයක් නෑ. ඉපදෙන දරුවාට ඩෙංගු හැදෙන්නෙ නැහැ. නමුත් වෙනත් අයට වඩා ඔවුන් පරෙස්සම් විය යුතුයි. සංකූලතාවලින්.
ඩෙංගු රෝගියෙකු වෙදකම හා සමානවම හෙදකමත් වැදගත්. අයි.ඩී.එච්. රෝහලේදී නම් රෝගීන්ට හෙදකම ලැබෙන්නේ ඩෙංගු කළමනාකරණය වෙනුවෙන් විශේෂයෙන්ම පුහුණු වූ හෙද කාර්ය මණ්ඩලයකින්.
ඩෙංගු උණ වැලදිලා ඉන්න කාලය තුළ ඇඳ විවේකය අත්‍යවශ්‍යයි. ඇඳ විවේකය නොලබා වෙහෙසවීම සංකූලතා ඇති වීමට හේතුවක්. ඒ වගේම දියර වර්ග වැඩිපුර පානය කළ යුතුයි. තැඹිලි, කැඳ, සුප්, දෙහි යුෂ, ජීවනී, කොළ ඇපල් යුෂ, දොඩම් යුෂ වැනි දේ සුදුසුයි. පලතුරු යුෂ ලබාදීමේදී ඒවායේ නැවුම් බව ගැන සැලකිලිමත් විය යුතුයි. සකස් කරලා හැති ඉක්මනින් රෝගියාට ලබාදීම තමයි වඩා සුදුසු.
රෝගියකු රෝහල්ගත වුණාම දියර වර්ග පානයට දෙන්නෙ මැනලා. ඒ වගේම පැය 6කට වරක් රුධිර පරීක්ෂාවකුත් සිදු කරනවා. රුධිර පීඩනය ගැන නිරතුරු අවධානයෙන් සිටිනවා.
ඩෙංගුත් සමග දැනෙන අපහසුතා ගැන අවධානයෙන් සිටීම ඩෙංගු පැරදවිය හැකි හොඳම මඟයි.
ඩෙංගු රෝගියකුට විවේකය වුවමනා වෙන්නේ රෝගීව සිටින කාලය තුළ පමණයි. සුවවෙලා නිවසට ගියාට පස්සෙ වෙනදා විදිහට වැඩ කටයුතු කරගන්න හුරුවෙන්න පුඵවනි.
එක්වරක් ඩෙංගු වැලඳුණු කෙනෙකුට යළිත් හැදුණොත් සංකූලතා ඇතිවීමේ අවදානම ටිකක් ඉහළයි. සංකූලතා ඇතිවීම රෝගියාගෙන් රෝගියාට වෙනස්.

ඩෙංගු වැලඳී සුවවීමෙන් පසුවත් මාසයක් විතර විවේක ගන්න ඕනෑ කියලා සමහරු හිතනවා. එයත් දුර්මතයක්.



No comments:

Post a Comment

WHITESTICK STORY

A long cane, the primary mobility tool for the visually impaired A white cane is used by many people who are blind or visually...