Thursday, November 30, 2017

WHITESTICK STORY





A long cane, the primary mobility tool for the visually impaired
A white cane is used by many people who are blind or visually impaired. Primarily it aids its user to scan their surroundings for obstacles or orientation marks, but is also helpful for othe1 Types2 History3 Legislation about canes4 Comparison to guide dogs5 ChildreLong Cane: This "traditional" white cane, also known as a "Hoover" cane, after Dr. Richard Hoover, is designed primarily as a mobility tool used to detect objects in the path of a user. Cane length depends upon the height of a user, and traditionally extends from the floor to the user's sternum. Some organisations favor the use of much longer canes.[1]
  • Guide Cane: This is a shorter cane - generally extending from the floor to the user's waist - with a more limited mobility function. It is used to scan for kerbs and steps. The guide cane can also be used diagonally across the body for protection, warning the user of obstacles immediately ahead.
  • Identification Cane (or Symbol Cane in British English): The ID cane is used primarily to alert others as to the bearer's visual impairment. It is often lighter and shorter than the long cane, and has no use as a mobility tool.
  • Support Cane: The white support cane is designed primarily to offer physical stability to a visually impaired user. By virtue of its colour, the cane also works as a means of identification. This tool has very limited potential as a mobility device.
  • Kiddie Cane: This version works the same as an adult's Long Cane but is designed for use by children.
  • Green Cane: Used in some countries to designate that the user has low vision while the white cane designates that a user is blind.[2]
Mobility canes are often made from aluminium, graphite-reinforced plastic or other fibre-reinforced plastic, and can come with a wide variety of tips depending upon user preference.

Folded long cane
White canes can be either collapsible or straight, with both versions having pros and cons. The National Federation of the Blind in the United States affirms that the lightness and greater length of the straight canes allows greater mobility and safety, though collapsible canes can be stored with more ease, giving them advantage in crowded areas such as classrooms and public events.[citation needed]
History

A variety of cane tips. A = Pencil Tip, B = Bundu Basher Tip, C = Ball Race Overfit Tip, D = Rubber Support Cane Tip, E = Pear Tip, F = Rural Tip, G = Jumbo Roller Tip
Blind people have used canes as mobility tools for centuries,[3] but it was not until after World War I that the white cane was introduced.
In 1921 James Biggs, a photographer from Bristol who became blind after an accident and was uncomfortable with the amount of traffic around his home, painted his walking stick white to be more easily visible.[citation needed]
In 1931 in France, Guilly d'Herbemont launched a national white stick movement for blind people. On February 7, 1931, Guilly d'Herbemont symbolically gave the first two white canes to blind people, in the presence of several French ministers. 5,000 more white canes were later sent to blind French veterans from World War I and blind civilians.[4]
In the United States, the introduction of the white cane is attributed to George A. Bonham of the Lions Clubs International.[5] In 1930, a Lions Club member watched as a man who was blind attempted to cross the street with a black cane that was barely visible to motorists against the dark pavement. The Lions decided to paint the cane white to make it more visible. In 1931, Lions Clubs International began a program promoting the use of white canes for people who are blind.
The first special white cane ordinance was passed in December 1930 in Peoria, Illinois granting blind pedestrians protections and the right-of-way while carrying a white cane.[citation needed]
The long cane was improved upon by World War II veterans rehabilitation specialist, Richard E. Hoover, at Valley Forge Army Hospital.[6] In 1944, he took the Lions Club white cane (originally made of wood) and went around the hospital blindfolded for a week. During this time he developed what is now the standard method of "long cane" training or the Hoover Method. He is now called the "Father of the Lightweight Long Cane Technique." The basic technique is to swing the cane from the center of the body back and forth before the feet. The cane should be swept before the rear foot as the person steps. Before he taught other rehabilitators, or "orientors," his new technique he had a special commission to have light weight, long white canes made for the veterans of the European fronts.[7]
On October 6, 1964, a joint resolution of the Congress, HR 753, was signed into law authorizing the President of the United States to proclaim October 15 of each year as "White Cane Safety Day". President Lyndon Johnson was the first to make this proclamation.[8]

A folding support cane
While the white cane is commonly accepted as a "symbol of blindness", different countries still have different rules concerning what constitutes a "cane for the blind".
In the United Kingdom, the white cane indicates that the individual has a visual impairment; with two red bands added it indicates that the user is deafblind.
In the United States, laws vary from state to state, but in all cases, those carrying white canes are afforded the right-of-way when crossing a road. They are afforded the right to use their cane in any public place as well. In some cases, it is illegal for a non-blind person to use a white cane with the intent of being given right-of-way.[9][10]
In November 2002, Argentina passed a law recognizing the use of green canes by people with low vision, stating that the nation would "Adopt from this law, the use of a green cane in the whole of Argentina as a means of orientation and mobility for people with low vision. It will have the same characteristics in weight, length, elastic grip and fluorescent ring as do white canes used by the blind."[2]
In Germany, people carrying a white cane are excepted from the Vertrauensgrundsatz (de) (trust principle), therefore meaning that other traffic participants should not rely on them to adhere to all traffic regulations and practices. Although there is no general duty to mark oneself as blind or otherwise disabled, a blind or visually impaired person involved in a traffic accident without having marked themselves may be held responsible for damages unless they prove that their lack of marking was not causal or otherwise related to the accident.
Comparison to guide dogs
This section does not cite any sources. Please help improve this section by adding citations to reliable sources. Unsourced material may be challenged and removed. (June 2016) (Learn how and when to remove this template message)
While a guide dog, the other major mobility aid for blind people, can interact more with the user and the environment, making them more useful in certain locations, white canes are alternatives for reasons of price, care, and in some cases, allergies. Despite the high profile of guide dogs, however, most blind people still use canes at least sometimes, and many still use canes entirely.
Children and canes
In many countries, including the UK, a cane is not generally introduced to a child until they are between 7 and 10 years old. However, more recently canes have been started to be introduced as soon as a child learns to walk to aid development with great success.[11][12]
Joseph Cutter and Lilli Nielsen, pioneers in research on the development of blind and multiple-handicapped children, have begun to introduce new research on mobility in blind infants in children. Cutter's book, Independent Movement and Travel in Blind Children,[13] recommends a cane to be introduced as early as possible, so that the blind child learns to use it and move around naturally and organically, the same way a sighted child learns to walk. A longer cane, between nose and chin height, is recommended to compensate for a child's more immature grasp and tendency to hold the handle of the cane by the side instead of out in front. Mature cane technique should not be expected from a child, and style and technique can be refined as the child gets olde
Cane (medical device)Hoople (mobility aid)
·  Nichols, Allan (1995), Why Use the Long White Cane?, archived from the original on 2010-03-30
·  ·  Rollano, Eduardo D.; Oyarzún, Juan C. (27 December 2002). "Personas con Baja Visión". Información Legislativa y Documental (in Spanish). Argentina: The Government of Argentina. Retrieved 31 Mar



Top of Form
Bottom of Form


Wednesday, August 30, 2017

ට්‍රැෆික් රාලහාමි කෝලම



ට්‍රැෆික් රාලහාමි කෝලම
ප්‍රවේශ ගැයුම-
රට තොට හැම තැන මේවා තියෙන්නේ
අණ ගුණ නැතිවුන් කුදලා ගන්නේ
රාජකාරියට සාමෙ රකින්නේ
මේවාටයි අපි පොලිසි කියන්නේ

පොලිසි ගාණෙ හැම හොයා ගෙනෙන්නේ
එහි වගතුග නම් රටාක් වටින්නේ
මුලෑදෑනිවරු ඉන්න තැනයි මේ
අංසෙන් අන්සෙට වැඩ සිදුවන්නේ

අගතියො පොලිසියෙ කූඩුවෙ ලන්නේ
ඒකට කවුරුත් රිමාන්ඩ් කියන්නේ
සැක දුරු වන තුරු එහි ලැගවන්නේ
සුගතිය උදෙසයි තීන්දු ගැනෙන්නේ

සුළු පැමිණිලිවලිනේ පටාන් ගෙන
රථවාහන වැරදිත් අල්ලාගෙන
දඩ කොළ ගෙවනට කෙරිලා නොවැ අණ
මිනි මැරුමකටයි උසාවි ගෙන යන

මං පහරන එවුන්ටත් බැටේ දෙන
සොයමින සැම තැන ස්ත්‍රී දූෂණ
පාරේ නීතිය කඩනා වාහන
කොහේද කොහේද පොලිසිය නොදකින

පාරේ මුදුනට පැමිණ සිටින්නේ
මුලෑදෑනියා රැඟුම රඟන්නේ
අත ලූ සැණෙකින හැම නවතින්නේ
තදබද වන වාහන වැඩි වන්නේ



රලහාමි පාරේ මැද නැට්ටුවෙකී
සිග්නල් කණූ අහවල් වැඩකටදැයි අසතී
රලහාමි හින්දාම මේ ට්‍රැපික් සැදී
ඩැයිවරලා හෙ‍ම හෙමිහිට තොල් මතුරවතී

තොල් මැතිරෙන්නේ මොනවාදැයි දන්නේ නැහෑ
රාලහාමිගේ මව් නම් සිහි කෙරෙන්නැහැ
දඩ ලියන්න ගත්තෝත් වැඩ නිමක් නැහෑ
මහන්සියට මේ උගුරට දිය බිඳක් නැහෑ

ආච්චිලා- මොකෝ රාලහාමි ඔය මැස්සො එළවන්නෙ..
රාලහාමි- මැස්සො? මොන මැස්සොද ආරච්චිල..
ආරච්චිල-මට නං පේන්නෙ මැස්සො එළවනව වගේමයි.
                     රාලහාමි නටයි..
රාලහාමිගේ කරේ විසිල් නළාවක් එල්ලා ගෙන තිබේ. අතේ වෝකි ටෝකි උපකරණයකි.
රාලහාමි- ඕවර්..ඕවර්..
ආරච්චිල- රාලහාමිලා මැච් එකක්වත් ගහනවද?
රාලහාමි- මොන මැච්ද  අයිසෙ ආරච්චිල.. මේ පණිවිඩ..
ආරච්චිල- එහෙනං ඔය ඕවර් ඕවර් කියන්නෙ?
රාලහාමි- මේවා අනෙක් රාලහාමිලා මට එවන පණිවිඩ.
ආරච්චිල- එකත් එකට පණිවිඩවල නම් ඕවර් වෙන්න ඇති.
ආරචිල- වල්කම් රාලහාම් අපේ ටැපික් රාලහාමි.
රාලහාමි- මොනව මොනව. වල්කම්. චිහ්. ආච්චිල අපි කිසිම වල්කමක් කරන්නෙ නැහැ.
ආරච්චිල-  ඔන්න වචනෙ වරද්ද ගත්තා. වල්කම් නෙමෙයි රාලහාමි. වෙල්කම් වෙල්කම්.. ඒ  කියන්නේ  ඉ'ගිරිසියෙන් ආ එක හොඳයි කියලා.
රාලහාමි- හා ඒක මිසක්. අපි ඉතිං පාර මැද්දට වෙලා කරන්නෙ ජීවිතයත් මරණයත් අතර සටනක්. ආරච්චිලා
ආරච්චිල. ඒ මොකෝ රාලහාමි.
ඇයි ඉතින් මොකක්හරි යකඩ ගොඩක් ඇඟ උඩින් ගියොත්.. අපි බය වෙන්න එපාද?
ආරච්චිල- බය? චිහ් රාලහාමි බය. පොලිසිය මහත්තුරු කවද්ද  හැබෑට බය වුණේ? ලැජ්ජ හිතෙන කාරණයක් නේද රාලහාමි.
රාලහාමි- ලැජ්ජ. ලැජ්ජ බිමින් තියලා කාරණාව තේරුම් ගන්නවකො ආරච්චිල..
ආරච්චි- හරිහරි තේරුණා තේරුණා රාලහාමි.
රාලහාමි- මට කතාකරකර ඉන්න වෙලාවක් නැහැ. අන්න ටැපික් හැදෙනව.

රාලහාමි යළිත් නටයි. රාලහාම් වාහන හසුරවිමින් නටයි.
බෙර පද වැයෙයි- ටික වේලාවක් නැටුම පවතියි.
අනතුරුව ගායන වෘන්දයෙන් සමූහ ගැයුමෙකි.

හතර අතින් එන වාහන මැද්දේ හිටගෙන
දමනය කරනට ඒවා සකසූජානම...
රාජකාරියයි පැවරුණ භීතිය දනවන

සංඥා කණු මොන එහෙකට දෑතින් පුළුවන
ආරච්චිල- ඇත්තට රාලහාමිට හිතුණෙ නැද්ද රාලහාමිනේලා හන්දා
ට්‍රැපික් වැඩි වෙනවාය කියලා
රාලහාමි- මක්කිවුවා ආරච්චිල..? අපි හන්දා ට්‍රැපික් වැඩි වෙනව.?
ආරච්චිල- මං අහන්නෙ රාලහාමි. සිගිනල් කණු අහවල් කාරියකටද කියල
රාලහාමි- අපි ඒවත් උදවු කරගන්නව නොවැ ආරච්චිල
ආරච්චිල- මොන ඉලවු උදව්වක්ද රාලහාමි. එක්කො රාලහාමි. නැත්තං සිගිනල් කණු. දෙකෙන් එකක්. රාලහාම්ලා  සිගිනල් කණුවල ලැයිට් නිවාදාලා නොවැ
ඔය පාර මැද්දෙ නටන්නෙ.
රාලහාමි- ඉතිං.. නරකට හිටීවි.

රාලහාමි යළිත් නැටුම පටන්ගනී.

ආරච්චිල- මං කියන්නෙ රාලහාමිට හැංගිලා ඉන්න කියලා. එතකොට පාරෙ නීතිය කඩන එවුන් අල්ලා ගත්තෑකි බෙල්ල මුලින්ම.
රාලහාමි- මට ඔය හැංගිමුත්තං ගහලා පුරුදු නෑ ආරච්චල.
හැංගිමුත්තං ගහන්න කීවෙ කවුද? නොපෙනෙන්න ඉඳලා සිගිනල් කණුවල සිගිනල් ලැයිට් පත්තු කරන්න. බලන්න වාහන අපූරුවට යන හැටි. අවුලක් වුණොත් විතරක්
එළියට ඇවිත් නටන්න.
රාලහාමි- හොඳට හිටීවි ආරච්චිල.
ආරච්චිල- හොඳට හිටීවි තමයි.
රාලහාමි නටාගෙන වේදිකාවෙන් නික්මෙයි. එවෙලේ විසිල් නළා  නාදයක් දිගටම ඇසෙයි.
ජගත් රණතුංග නිර්මාණයක්
වේදිකාවට ගෙන ඒමට සූදානම්




Thursday, August 10, 2017

මාරාන්තික ඩෙංගු ම්‍ඩින සැටි හරිද


    ඩෙංගු වැලඳෙන සැටි
දුරු වර්ග අතරින් සුදුපාට ලප ඇති (කොටියකු මෙන්ය) මදුරු විශේෂයක් වූ ඊඞ්ස් ඊජිටයිඊඞ්ස් ඇල්බොෂික්ටස් හා ඊස් පොලිනේසියන් මේ අතර කැපී පෙනෙන මදුරු වර්ගයේ මදුරුවකුගේ ගැහැනු සතකුගෙන් මාරාන්තික ඩෙංගු රෝගය වැලදෙනවා.
මේ ඩෙංගු මදුරු ගැහැනු සතා මීටර් 1000කට එනම් අඩි 3,300ක් පහළින් පියාසර කරමිනුයි සැරිසරන්නේ.
බොහෝ විට මුං මිනිස් රුධිරය උරාබීමට දෂ්ට කරන්නේ දවල් කාලේ.
මේ මදුරු පිරිමි සතා ලේ උරා නොබෙන අතර උන් බොන්නේ මල් පැණියි. විශේෂයෙන් සීනිවලට මේ පිරිමි මදුරුවා ඉතා කෑදරයි.
ඩෙංගු බෝ කරන මදුරු ගැහැනු සතා 
නිරීක්ෂණය කරන්නෙ මෙහෙමයි.

පාදවල මාරුවෙන් මාරුවට සුදු`ඵ ලෙස තීරු දැකිය හැකියි.
ඊඞ්ස් ඇල්බොපික්ටස් වර්ගයේ මදුරුවාගේ උරහිසේ සුදුපාට ඉරක් දකින්න ලැබෙනවා. ඊඞ්ස් ඊජිප්ටයි වර්ගයේ මදුරුවාගේ උරහිසේ දෑකැති හැඩයෙන් සුදුපාට ලප දැකිය හැකියි. පාදවලින් ඩෙංගු මදුරුවා පහසුවෙන් හඳුනාගන්න පුඵවනි.



මදුරුවාගේ ගැහැනු සතා 
ලේ විතරක්
උරා බොන්නේ 
කොහොමදඒ ඇයි?                     
 ඌට තියෙනවා (උගේ හොටේ) කෙස් ගස් වගේ ඉතා සියුම් කටු හතක්. මේ කටු එකට එකතුවෙලා තියෙන්නේ පටලයකින්. මුලින්ම උගේ එක කටුවකින් විදිනවා. ඊළඟ කටුවෙන් (බටයක් වැනි) ලේ උඩට ඇදගෙන බොනවා. තවත් කටුවකින් උගේ කෙළවිදපු තැන මුදා හරිනවා.
අපි කවුරුත් දන්නවාමදුරුවකු විද්දාම ඒ විදපු තැන කසනවා. ඒ කසන්නේ උදේ අර කෙළ නිසා. එතැන කැසීම නවත්වන්න මද්‍යසාර ඩිංගිත්තකට පු`ඵවන්ලු.
කෙනෙකු වටා මදුරුවකු කැරකෙන්නේ ඔහු ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඞ් වායුවේ ගන්ධයට ඇදිලා ඇවිත්.                                
                                                                                  
මෙන්න ඩෙංගු වයිරස

වෛද්‍ය විද්‍යාවේ ඩෙංගු වයිරස කාණ්ඩ 4ක් තිබෙනවා. ඩෙංගු දර්ශක 123 හා 4 ලෙසයි. ඒවා නම් කර ඇත්තේ. ඩෙංගු රක්තපාත උණ නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ ප්‍රථම වතාවට රෝගයට ගොදුරු වූ අය නොවෙයි. මීට පෙර රෝගයට ගොදුරු වී සුව වී යළිත් රෝගයට ගොදුරු වූ අයයි.
අපේ ශරීරයේ ප්‍රතිදේහවලට වයිසරයක් එක්ක සටන් වදින්න බැරිද?

පුඵවනි. නමුත් ප්‍රතිදේහ කරන්නේ ආරක්ෂකාරි පිළිවෙතක්. නමුත් ඩෙංගු වයිරසයට එරෙහිව ශරීරයේ විශේෂ ප්‍රතිදේහ ක්‍රියාවලියක් සිදු වෙනවා.

මොකක්ද ඒ සුවිශේෂ ක්‍රියාව
යම් ඩෙංගු දර්ශක කාණ්ඩයක් විෂබීජයක් ශරීරයට ඇතු`ඵවූ වහාම ඒ වයිරසයත් එක්ක සටන් කරනවා වෙනුවට ඒ ආගන්තුක වයිරසයට ශරීරය තුළ වැඩෙන්න ඉඩ හරිනවා. රුකුල් දෙනවා. අනුබල දෙනවා.

එසේනම් ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තිකරණ කිසිවක් සොයාගෙන තිබෙනවාද?
තවම නැහැ.
විද්‍යාව දියුණුවෙලත් පුදුමයි ! එසේ නම් කළ යුත්තේ කුමක්ද?
ඩෙංගු මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමෙන් ඩෙංගු වාහක මදුරුවා බෝවීම නැත්තටම නැති කිරීමෙන්. ඒ වාගේම මදුරුවාගෙන් සිරුර දෂ්ට කිරීමෙන් ආරක්ෂා වීමෙන්.
ඩෙංගු මදුරුවාගේ ගැහනු සතා තෝරා ගන්නේ තෙතමනය සහිත ශරීරයක්. එයින් ඌ බඩපුරා ලේ උරා බොන අතර බඩ පුරවා ගැනීමෙන් පසු ශරීරයක් නොවන තැනක වසා සිටිනවා. මිනිස් ලේවල තිබෙන ප්‍රෝටීන් උගේ බිත්තර වැඩීමටත් ඒවායින් පැටව් බිහි කිරීමටත් මහත් සේ උපකාර වෙනවා.




















වරකට බිත්තර කීයක් විතර දානවද?

බිත්තර 100ක් 200ක්. පිරිසිදු ජලයේ දමයි. මෙ බිත්තර ඇලෙනසුලුයි. බිත්තර ඒ තැනින් ඉවත් නොකළේ නම් වියළි ස්වභාවයෙන් මාස 6ක් 12ක් තරම් වුණත් කාලයක් නොනැසී පැවතිය හැකියි.
උදේ 8-10 අතර කාලයේත් සවස 3-6 අතර කාලය තුළයි ඒ මදුරුවා දෂ්ට කරන්නෙ.
බිත්තරයකින් මදුරු පැටවකු ඇති විමට කොතරම් කාලයක් ගතවෙනවාද?
සතියක පමණ කාලයක්
මදුරුවකු විද්දාම විතරද ඩෙංගු බෝවෙන්නෙ

නැහැ. ඩෙංගු ආසාදනය වූ රුධිරය තව කෙනෙකුට එන්නත් කළොත් හෝ ඩෙංගු ආසාදිත පුද්ගලයෙකුගේ ඉන්ද්‍රියක් වෙනත් කෙනෙකුට බද්ද කළොත්.
ඒ විතරක් නෙමෙයි. ගර්භීණි අවධියේදී මවගෙන් දරුවාටත් ඩෙංගු හැදෙන්න පු`ඵවනි. නමුත් එවැනි අවස්ථා බොහොම විරලයි. තවද දියවැඩියාව, ඇදුම යන රෝග දෙකෙන් පෙළෙන කෙනෙකුට ඩෙංගු හැදුණොත් රෝගය මාරාන්තික වෙන්න පුඵවනි.

හැම උණක්ම ඩෙංගු නොවෙයි. කොහොමද ඩෙංගු හැදුණාම හඳුනාගන්නේ

ඩෙංගු උණ හැදෙන්නෙ වයිරසයක් මගින්. මේක බෝවන රෝගයක්. ඩෙංගු උණ සමග ඩෙංගු රක්තපාත උණ නිවර්තන කලාපවල ජීවත්වන අයට ඇතිවන රෝග තත්ත්වයක්. අප ඉන්නෙත් නිවර්තන කලාපයක.
මාංශ පේශිවලත්, හන්දිපත්වලත් ඇතිවන ඉතා වේදනාකාරි තත්ත්ව නිසා ඇටකඩු තලාපෙළා දමන උණක් තමයි ඩෙංගු රෝගියකුට හැදෙන්නෙ. ඒ රෝග ලක්ෂණ ක්ෂණයකින්ම ඇතිවෙලා ඒ එක්කම වාගේ තදබල හිසේ කැක්කුම, හමේ තැනින් තැන ඇතිවන පැල්ලම්. ඒ පැල්ලම් දීප්තිමත් තද රතු පාටයි. පුංචියි. මුලින්ම ඒ පැල්ලම් එන්නේ පපුවෙයි. කලවාවලයි සමහරුන්ගේ මු`ඵ ශරීරෙම. බඬේ ඇතිවන අම්ල ගතියට සම්බන්ධ බඬේ කැක්කුම, ඔක්කාරය, මලපහ බුරුලෙන් යාම ඇතිවිය හැකියි.
ඩෙංගු රක්තපාත උණ නම්

දින 2-7 දක්වා පවතින අතර උණ, සම යට කුඩා රතු පැල්ලම්. විදුරුමස් වලින් ලේ ගැලීම්. නාසයෙන් ලේ ගැලීම්, `ඵ දුඹුරු පාටින් වමනය ඇති වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලීම නිසා මලපහ වන්නේ දුඹුරු පාටින්. මුත්‍ර සමගත් ලේ යන ස්වභාවය. අක්මාව ඉදිමීමෙන් ඇතිවන අධික බඬේ වේදනාව.
ඩෙංගු කම්පන තත්ත්වයේ රෝග ලක්ෂණ

සුදුමැලි වීම, අත්පා සීතල වීම, නාඩි වැටීම වේගවත් වීම, රුධිර පීඩනය අඩු විම.
ඩෙංගු නිසා වෙනත් ඇතිවන ගැටලු.

ශරීරයේ විවිධ පද්ධතිවලට බලපෑ හැකියි. තනිව හෝ ඩෙංගු රෝග ලක්ෂණත් සමග හෝ සිදුවිය හැකියි. ඉතා අසාධ්‍ය වූ රෝගීන්ගෙන් 0.5-6%ක් පමණ රෝගීන්ට සිහිනැති වෙයි. ඩෙංගු වයිරසයෙන් මොළේ පවා ආසාදනය වන නිසායි ඒ.
අක්මාවටත් හානිවෙන්න පුළුවනි.

විද්‍යාව ඉගෙන ගන්නා ළමයි දන්නවා අපේ ඇඟේ යම් කුඩා හෝ තුවාලයක් ඇති වුණාම ලේ ගලා ඇවිත් ටික වේලාවකින් ලේ ගැලීම නතර වෙනවා. එහෙම වෙන්නේ ලේවල තිබෙන පට්ටිකා නිසා. අප ඒවාට තමයි රුධිර පට්ටිකා කියලා කියන්නෙ. රුධිරයේ මේ පට්ටිකා අඩු වුණොත්, නැති වුණොත්, මොකද වෙන්න. ලේ ගැලීම් නතර වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ ඒ ලේ කැටි නොගැසී ශරීරය ඇතුළේ අනෙක් ඉන්ද්‍රියන්ටත් සීමා රහිතව ලේ ගලන්න පටන් ගන්නවාය කියන එක. මේ ලේ කැටි නොගසන්න ඩෙංගු කම්පනයකට පු`ඵවන් රෛසයට.
රෝග කාරක වෛරසය හඳුනා ගනිමු.

ෆ්ලවවිරිඬේ කුලයට අයත් ඍභ් වයිරසය. මේ කුලයට අයත් අනෙකුත් වයිරසය ලෙස, කහ උණ වයිරසය, වෙස්ට්නයිල් වයිරසය, ශන්ත ලුව එන්සෆලීට්ස් වයිරසය, ජැපනීස්න් එන්සෙෆලැයිට්ස් වයිරසය, ටික් බොර්න් එන්සෙෆලයිට්ස් වයිරසය, බ්යසනුර් ෆොරෙස්ට්ඩීසීස් වයිරසය, සහ ඔම්ස්ක් හෙමොරහජ්ක් උණ වයිරසය හැඳින්විය හැකිය.
මින් බහුතරයක් අත්‍රප්‍රෝඩාවන්ගෙන් (මදුරුවන් හෝ ටික්කන්ගෙන්) බෝවන රෝගයි. ඒ නිසා මේවා අර්බො වයිරසය යන නමින් හැඳින්වෙනවා.
ළදරුවන් හා කුඩා ළමයින් ඩෙංගු රෝගය හේතුවෙන් බහුලව පීඩා විඳින අතර අනෙකුත් රෝග සමග සැසඳීමේදී වැඩිපුර පීඩා විඳින්නේ හොඳින් පෝෂ්‍යදායිව වැඩුණු දරුවන්.
අපි ඩෙංගු වයිරස දර්ශක 4ක් තිබෙන බව සඳහන් කළා. එක දර්ශක කාණ්ඩයක වර්ගයකට සම්පූර්ණ රෝගය ඇති කිරීමට හැකියි. එක් දර්ශකයකින් ආසාදනය වූ කෙනෙකුට එම දර්ශක වර්ගයට ජීවිතාන්තය දක්වා ප්‍රතිශක්තිකරණය ලැබුණත් අනෙක් දර්ශක කාණ්ඩ වර්ග 3 සඳහා ප්‍රතිශක්තිකරණය ඇතිවන්නේ කෙටි කාලයකට පමණයි.

රුධිර පට්ටිකාවලට ඇති සම්බන්ධයට
ඩෙංගු නිසා මොකද වෙන්නෙ

ඩෙංගු වයිරසය ශරීරගත වී මුල් දින පහ ඇතුළත ඒ රෝගියාගෙන් ලේ උරා බොන මදුරුවන් කරන නැවත දෂ්ට කිරීමකදී පමණක් රෝගය තව කෙනෙකුට බෝ වෙනවා.
ඉන් පසුව සුදු රුධිරානු හා බැඳෙන එම වයිරසය එයත් සමග සිරුර තුළ සංසරණය වෙමින් එම රුධිරානු තුළදී ඛණ්ඩනය වෙමින් වර්ධනය වෙනවා.. වයිරස ආසාදන හඳුනාගන්නා සුදු රුධිරානු, සංඥා ප්‍රෝටීන් නිපදවමින් මේ බව බාහිරට දැනුම් දෙයි. සිරුරේ ඇතිවන විවිධ රෝග ලක්ෂණ වන උණ, ඇඟ පත වේදනාව ඇති වන්නේ මේ නිසායි.
ඩෙංගු රෝගයේ උග්‍ර අවස්ථාවේ වයිරසය වේගයෙන් වර්ධනය වෙනවා. එවැනි අවස්ථාවේ වකුගඩු, අක්මාව හා හදවත වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියවල අකර්මණ්‍යතා රෝග ලක්ෂණ මතුවෙනවා. මීට අමතරව රුධිර ප්ලාස්මා දේහ කුහරවලට කාන්දු වීමත් රුධිර පීඩනය පහළ බැසීමත් රුධිර කැටි ගැසීමේ අගය අඩුවීමත් නිසා අභ්‍යන්තර ලේ ගැලීම වළක්වන්න දුෂ්කර වෙනවා. මේ නිසා තමයි රෝගියකු මියයන්නේ.
ලේ කැටිගැසීම සිදුවන්නේ රුධිර පට්ටිකා මගිනුයි. ඒ බව අප දැනටමත් දන්නවා. මේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙන බව දැකගන්න පු`ඵවන් වන්නේ දින තුනකින් පමණ බැස නොයන උණෙන් සිටින කෙනෙකුගේ ලේ පරීක්ෂාවකින් පමණයි.
රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීමෙන් ලේ කැටි ගැසීම නොවී තිබෙන නිසා ලේ ගැලීම් වැඩි වන බවත් ඒවා සිරුර අභ්‍යන්තරයේ සිදුවන නිසාත් ලේ වලින්මයි හඳුනා ගත හැකි වන්නේ. රුධිර පට්ටිකා අඩු වෙලා යනවානම් කළ යුත්තේ වහාම රෝහල් ගතවීමයි. දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් තුන්වන දවසේ රුධිර පරීක්ෂාව කරගන්නවා නම් තමයි හොඳ.
එහෙම බලන විටත් සමහර විට ලේවල රුධිර පට්ටිකා අඩු වෙලා නොතිබෙන්න පු`ඵවනි. නමුත් හතරවන දවසේත් ලේ පරීක්ෂා කළොත් රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවන බව දැකගන්න පු`ඵවනි. කිසිම පානයක් නොදී පැරසිටමෝල් දුන්නාට කමක් නැහැ. කියලයි වෛද්‍යවරු කියන්නෙ. වෙනත් ඖෂධ දුන්නොත් බරපතළකම තමයි සංකූලතා ඇතිවීම. අනෙක රෝගියා රෝහලට නොපැමිණීමෙන් ඇතිවන අවදානම. (සංකූලතා යනු ශරීර අභ්‍යන්තරයෙන් ඇති අවයවවලට ඇතිවන හානියයි)

මෙන්න හිතාගෙන ඉන්න දුර්මතය

රුධිර පට්ටිකා ප්‍රමාණය  ඉතා අඩුවීම නිසාම ඩෙංගුවලින් රෝගීන් මියයනවා කීම. ඉබේ ඩෙංගු උණ බැහැලා යාම. පසුව උණ වැලඳිලා හත්වන, අටවන දින වන විට නියත වශයෙන්ම ස්වාභාවිකවම රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිවෙනවා. එයට බාහිර බලපෑමක් අවශ්‍ය නැහැ.
ඩෙංගු ඇතිවීමට හේතු

කරුණු 6 ක්
1.       නොසැලකිල්ල නොහොත් අනුවණකම
2.       අනෙකා කෙරෙහි සැලකිලිමත් නොවීම
3.       අධ්‍යාපනයේ ඌන පෝෂිත බව
4.       බොහෝ දෙනෙකුට සමාජ අවබෝධය නැතිකම
5.       අනුන් කරන තෙක් හෝ තමන්ට ලැබෙන දිනුමක් ප්‍රතිලාභයක් වැන්නක් හෝ බලාපොරොත්තු වීම
6.       රජයේ අවම හා නොවිධිමත් මැදහත් වීම

ඉහත කාරණා 6 අපි ලිහා බලමු.

1. නොසැලකිල්ල නොහොත් අනුවණකම

          නොදන්නාකමත්, නොසැලකිල්ලත් දෙකක්. නොදන්නාකම තරම් දැනගැනීම පිණිස තවත් සුදුසුකමක් නැහැ. නමුත් ප්‍රයත්නය නම් දන්නා අය නොදන්නා අයට කියා නොදීමයි. එවැනි ශාස්ත්‍රාලයීය ක්‍රමයක්වත් නැහැ. ඒ එක් පැත්තකි. තමන්ගේ ඇති උද්ධච්ඡකම අනුව අනුන්ගෙන් ඉගෙන ගැනීම පහත් කොට සැලකීමද දක්නට ලැබෙනවා. සු`ඵතරයක් නවීන විද්‍යා තාක්ෂණය ඔස්සේ වේගයෙන් ඉදිරියට දුවන අතර බහුතරයට බොහෝ දේ මඟ හැරෙන හෝ මග හරින හෝ  බවක් පෙනෙනවා. ඔවුන් සිටින්නේ සමාජයට බොහෝ පිටුපසින්. කියැවීම නැතිභංගවී බැලීම පමණක් සබුද්ධික වීමට බලපාන්නේ නැහැ. නමුත් අද බැලීම් හෙවත් නැරඹන් බහුලයි. එමගින් පිනවීම්ද සුලබයි. බොහෝ පිනවීම් හා ආස්වාද කුණු රසයෙන් සම්ප්‍රයුක්තයි. එයයි සංවේගය.
2.   අනෙකා කෙරෙහි සැලකිලිමත් නොවීම

සාමූහික සත්වයක වූ මිනිසා අද හුදෙකලා සතකු වී ඇති ප්‍රධාන හේතුව තමයි සමාජය ඊනියා ධනේශ්වරයෙන් ආඪ්‍ය වී පැවතීම. ආදරය අතුරුදන් කර මුදලට මුල් වූ සමාජය ජීවත්වන හුදෙකලා මිනිසාට හැකි තරම් පීඩනයම (ිඑර්ි) ළං කරලා. නොයෙක් ප්‍රශ්න වලින් මිරිකෙනවා. එසේ වූ විට අනෙකා ගැන සෙවීම අත් හැරෙනවා. මගේ එකා, මගේ එක, මගේ ගෙය, මගේ ළමයා, මගේ මගේ මගේ වී අපියන උක්තය සිංහල භාෂා පොතට පමණක් සීමා වෙලා තිබෙනවා. ඊනියා ධනේශ්වරය අපේ රටින් තුරන්කරන්න බැහැ. නමුත් එය තේරුම් ගෙන ඒවාට මුහුණ දී ජීවත් වීමයි වැදගත්.
3.   අධ්‍යාපනයේ ඌන පෝෂිත බව

ලාංකික පාසල් පද්ධතිය රාජ්‍ය නිල වර්ගීකරණයට අනුව දේශපාලනික වූ පංති සමාජ ස්තරය තම පංති පැවැත්ම සඳහා ස්වයං වර්ගීකරණයකට යොමු කර තිබෙනවා. එමෙන්ම ජාතික අධ්‍යාපන කොමිසමේ නිලදරුවන් එයට සුජාතභාවය ලබා දීලා තිබෙනවා.. ප්‍රභූරවරුන්ට ඉහළ සමාජයේ ප්‍රභූ පංතිය සඳහා ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික සුපිරි පාසල්ද, මධ්‍යම පංතිය සඳහා නාගරික ජනප්‍රිය පාසල් ද, දුගී ජනයා සඳහා ග්‍රාමීය පාසල්ද මෙලෙස සමාජය මත සිරස්ව බෙදී  ගිහින්. අධ්‍යාපන සමාජය පංති පදනමක් මත විභේදනය කර දැමීම නිසා ලාංකික සමාජය තුළ මූලික අර්බුදයක් ඉස්මතු වෙලා. ප්‍රාග්ධනය මත භ්‍රමණය වන සමාගම් ගෝලීයකරණ සූරාකෑමෙන් පීඩා විඳින වතු කම්කරු, නාගරික කම්කරු, නාගරික හා ග්‍රාමීය දිළින්දන් හා ගොවි ජනයා අසිමාන්තිකව දරිද්‍රතාව වෙත තල්ලු කරමින් අධ්‍යාපනයට ප්‍රවේශවීමේ වරප්‍රසාදය දිළිඳු දරුවන් වෙතින් උදුරා ගෙන.
යුනිසෙෆ් ප්‍රකාශනයේ නිර්වචනයට අනුව අද දරුවා 21 සියවසේ පුරවැසියෙකිසියවසේ නව මිනිසා නිර්සාක්ෂරතාවෙන් පීඩා විඳින්නේ නම් එරටෙහි අධ්‍යාපනය සහ අනාගතය කෙතරම් නිරෝගිද? පසු නිදහස් සමයේ සමස්තයක් ලෙස අධ්‍යාපනික අවස්ථා සිත් ගන්නා විලාසයෙන් ඉහළට ඔසවා තැබුවත් එය පුරවර සීමා මායිමෙන් එපිට ගම් දනම් වෙත ගලා ගියේ විසමතාව සම්මිශ්‍රව ඉතා මන්දගාමීවයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ ගැටලු බොහේ පැලැස්තර ප්‍රතිසංස්කරණ මගින් විසඳුම් සෙවිය හැකි ඒවා නොවෙයි. රටේ දේශපාලන, ආර්ථික හා සමාජ ව්‍යුහය තුළ මෙම ප්‍රශ්න ඉතා ගැඹුරට මුල් බැහැලා.
වර්ගීකරණයට සාපේක්ෂව ගතහොත් 1-්ඊ වර්ගයේ පාසල් 21 ක්ද, 1-ක්‍ පාසල් 140ක්ද, දෙවන වර්ගයට අයත් පාසල් 329ක්ද, ඉතිරි සියලුම ග්‍රාමීය පාසල් දුෂ්කර පාසල් 303 තුන්වන වර්ගය ලෙස මානව හා භෞතික සම්පත් සාධාරණව බෙදී නොයෑමෙන් දුර්වලවීමට ඉඩ හැරලා.
බොහෝ පාසල්වල  තිබෙන්නේ මානව හා භෞතික සම්පත් හිඟයක්. පාසල හා මාපියන් අතර සබඳතාවද එතරම් යහපත් නෑ. ආර්ථික හා සමාජමය ගැටලු ඉස්මතු වීමෙන් ළමුන්ගේ අධ්‍යාපන සෘණ අංශකයක් වෙත ගමන් කර තිබෙනවා.
විවෘත වෙළෙඳපොළ ක්‍රමය ලාංකික භූමිය මත එළා දැමීමත් සමඟ සමාජය තුළ විවිධ ප්‍රතිවිරෝධතා මතු විය. පෞද්ගලිකරණය මගින් රාජ්‍ය ව්‍යවසාය හා පොදු දේපළ අත්පත් කරගැනීම රාජ්‍ය සුබසාධනයෙන් ඉවත් වීම වැනි හේතු මත විරැකියාව, ඉඩ අහිමිවීම, ග්‍රාමීය ජනයා නගර වෙත ආකර්ෂණය වීම සහ සංක්‍රමණය වීම, දිළිඳුකම ඉතා ඉහළ වේගයෙන් වර්ධනය වුණා. මෙම තත්ත්වය පිළිබඳ මනා විග්‍රහයක යෙදෙන ජයසේන බුත්පිටිය විසින්රචනා කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති හා පරිපාලනයනමැති ග්‍රන්ථයේ පසුගිය දශක දෙක තුළ දක්නට ලැබුණු ප්‍රවණතාවල සමුච්චිත ප්‍රතිඵලය වී තිබෙන්නේ සර්වජන සාක්ෂරතාව හා ප්‍රාථමික අධ්‍යාපන තත්ත්වයන් හිමිකර ගැනීමේ ජය ස්ථම්භය තවමත් අඳුරු සෙවණැලිවලින් වැසී ඇතැයි යනුවෙන් සටහන් කරනවා. සෑම වසරකම ළමා පිරිසෙන් 8%ත් 10%ත් දක්වා සඛ්‍යාවක් පාසල් පද්ධතියට කිසිවිටක එක් වන්නේ නැහැ.
මෙරට පාසල් අධ්‍යාපනය රටේ ආර්ථික ප්‍රගමනයට හිතකර ඉගෙනීමක් හා පුහුණුවක් ලබාදෙන්නේ නැහැ. තමන්ට ඉසිලිය හැකි ජීවන රටාවක් අනුගමනය කරමින් සංවර්ධන ව්‍යාපෘතින්ට ආයෝජනය කරනු පිණිස දේශීය ඉතුරුම් ඉහළ නැංවීමට දේශියව නිපදවනු ලබන භාණ්ඩ හා සේවා භාවිත කිරීමෙන් එම ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රසාරණයට අවස්ථාව සලසා දීමට ජනතාව සූදානම් කිරීමක් අධ්‍යාපනයෙන් සිදුවෙනවා. “(ඩී.ඇම්. තිලකරත්න බණ්ඩා ලංකාවේ අධ්‍යාපනය)
          අධ්‍යාපනයේ දුබලතා පවතින බව ප්‍රකාශ කිරීමෙන් පමණක් සෑහෙන්නේ නැහැ. අධ්‍යාපන ක්‍රමයේ ඉහළ තලයේ සිට පහළ දක්වා ව්‍යුහමය දුර්වලතා, දූෂණ අල්ලස, දේශපාලනීකරණය සුලබ කරුණක් වුණත් රාජ්‍ය තුළ වර්ධනය වී ඇති නිහඬතා සංස්කෘතිය  ඒ සියල්ල ප්‍රශ්න කිරීමෙන් තොරව ඉවසා සිටීමට පුරුදු වී සිටිනවා. මෙම නිහඬතාව තුළ පාසල, ගුරු වෘත්තිය, පරිපාලනය අතර සම්බන්ධතාව දැඩි පරිහානියට පත්වී ඇත. එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිදු කළ අගනා පර්යේෂණ කිසි දිනෙක ප්‍රකාශයට පත්වීමටද බාධා පැමිණ වුණා. අධ්‍යාපනයට සම්බන්ධ තීරණ ගැනීමේදී විශේෂඥ දැනුම ප්‍රතික්ෂේප වූ අතර, ප්‍රතිපත්ති සම්පාදනයේදී පෙරමුණ ගන්නේ දේශපාලකයායි. අධ්‍යාපන හා සමාජමය ඥාන ගවේෂණයකින් තොර දේශපාලකයා ප්‍රදේශීය වශයෙන් අධ්‍යාපන විනාශ කර දමන පිළිලයක් වී ඇත. ඉතා දැඩි ලෙස කේනද්‍රීය බලයක් සහිත අධ්‍යාපන පරිපාලනය විමර්ශනයේ හා විනිවිදභාවයෙන් තොර වීම දූෂණයට තෝතැන්නක් නිෂ්පාදනය කරලා තියෙනවා.
          ආර්ථික හා දේශපාලන විසංවාද විසින් රාජ්‍ය හා සංකේත බලය කම්පනයට පත් කරනු ලබන විට සමාජය අර්බුදයක් වෙත ගමන් කිරීම නොවැළැක්විය හැකි හේතුවක්. රාජ්‍ය තුළට සියලු වාර්ගිකයන්ගේ හා ප්‍රජාමණ්ඩලවල අභිලාස ගොනුකර ගැනීමට පුරවර දේශපාලනය අසමත් වීමෙන් වඩාත් ව්‍යසනයට පත් වන්නේ දේශපාලනයයි. එහෙයින් සහස්‍රක ඉලක්කය ලෙස 1999දී සිතියම් ගත කළ සෑම දරුවෙක්ම පාසල වෙත කැඳවීමහුදු සිහනයන් වුණා. ඵල දැරිය යුතු වෘක්ෂයක වෙළා ගත් යෝධ පිළිලයක් මෙන් විභාග ක්‍රමය සමස්ත අධ්‍යාපන ක්‍රමයම විනාශ මුඛයට ගොදුරු කරන තත්ත්වයට වර්ධනය වෙලා. විභාග කෙරෙහි අවධාරණය අතිශයින්ම වැඩි වීමේ හේතවෙන් ළමයින්  උගතමනා දේ නිසරු වී ගොස් තිබෙනවා. මුදුනට නඟින්නට දඟලන ටික දෙනෙකුගේ අවකාශය පමණක් ගැන සෙවීම නිසා නැගිය නොහැකි බහුතර සංඛ්‍යාවකගේ අවකාශය ඇත්තෙන්ම නොසලකා හැර ඇත. (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ-1981)
4.   බොහෝ දෙනෙකුට සමාජ අවබෝධය නැතිකම

සමාජ අවබෝධය ලැබෙන්නේ අත්දැකීම් ලැබීමෙනි. එය කියැවීමටත් වඩා ප්‍රබලයි. අත්දැකීම් ලැබීමට නම් සමාජානුයෝගීවිය යුතුයි. එනම් සමාජයේ විවිධ මිනිසුන් ඇසුරු කළ යුතුයි. මිනිසුන් තෝරාගෙන ඔවුන් කියවිය යුතුයි. ඒ ඒ මිනිසුන් සමග අන්‍යොන්‍යව අදහස් හුවමාරු කරගෙන ප්‍රතිපෝෂණය විය යුතුය. චරිතවලින් ජීවිතය ඉගෙනගත හැකිය. සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ධාරාව අධ්‍යයනය කළ යුතු වෙනවා. මේ හැර සමාජය අවබෝධ කර ගැනීමට වෙනත් මගක් නැහැ.

5.   අනුන් කරන තෙක් හෝ තමන් හමුවේ ඕපපාතිකවන ප්‍රතිලාභ, ජයග්‍රහණ දෙස බලා සිටීම
          නිෂ්පාදන බලවේගයක ඇණ මුරිච්චියක් හෝ වීමෙන් නැතහොත් ශ්‍රම බලකායේ එක් අංශයක් නියෝජන කිරීමෙන් හෝ තමන්ට ගොඩ යා හැකි යයි සිතන නැතහොත් සැමවිටම යථාර්ථය විශ්වාසය කරනවා. මෝඩයෝ කරන්නේ වෙනත් බලවේගයක පිහිට පැතීම. ඒ දෙවියන්. සිටිනවායි කියන දෙවියන් කිසිවකුටත් නොපෙනේ. ඔවුන් ලංකාවේ ජනතාව අදහන්නේ පිහිටක්බලාපොරොත්තුවෙන්මයි. මෙතරම් විද්‍යාව දියුණු වී තිබියදී වෛද්‍ය වාර්තා පසෙක තබා දේවාලයට යන පිරිමි සහ ගැහැනුන්ට උඩගෙඩි දෙන්නන්ට ඇතැම් ප්‍රධාන පෙළේ විද්‍යුත් හා පුවත්පත් මාධ්‍ය සැදැ පැහැදී සිටිනවා. පුවත්පත් පිටු ගණන් දෙවියන්ට හා දෙවියන් රකින අදහන කපුවන්ට වෙන් කරනවා.
          දහඩිය මහන්සිය නොහොත් ශ්‍රමයෙන් දියුණු විය යුතුයි. එක්කෝ විදයාත්මක කරුණු මත පදනම්ව ජීවත්විය යුතුයි.
දරිද්‍රතාව එක් එක් මට්ටමින් ගැඹුරු ගංදියේ ගැඹුරේ සැඩ ප්‍රවාහය වාගෙයි. කගේත් අපේක්ෂාව ආදායම තරකර ගැනිම. එහෙත් ඔවුන් අපේක්ෂාභංගත්වයට පැමිණෙනවා.
6.   රජයේ අවම මැදහත් වීම

          සෞඛ්‍ය වෙනුවෙන් අමාත්‍යාංශයක් රටෙහි වේ. සෞඛ්‍ය ඇමතිවරයා සිටින්නේ රජයේයි. කලින් කලට ව්‍යාසන හට ගන්නවා. ස්වාභාවික මෙන්ම බලපෑමක් අනුව දෙවිධියටම සිදුවන ආපදා සහ ව්‍යසන රජය ගන්නේ කවර ක්‍රියාමාර්ගද? රටවැසියා විනාශවන තැනට යනතුරු බලාසිටීම කිසිදු රජයකින් කෙරෙන්නේ නැහැ. එහෙත් ඩෙංගු උවදුර වෙනුවෙන් වන මැදිහත්වීම් ඉතා මන්දගාමියි. අවිධිමත් නීති දැමීමෙන් පමණක් ඩෙංගු මර්දනය කළ නොහැකි බව සැබෑවක්. නමුත් වහවහා ක්‍රියාමාර්ග යෙදිය යුතුයි. මාධ්‍ය සංදර්ශන පමණක් පැවැත්වීම පල රහිත ක්‍රියාවක් සේම උවදුරට එරෙහි බැක්ටීරියා වෛරස්. ආනයනය කිරීම ක්‍රියාත්මක කිරීමට අසීරුයි. වැසියා ඊට කදිම විසඳුමක් යෝජනා කරනවා.
ඩෙංගු මර්දනය කළ හැකිද?

හැකිය. ඒ කෙසේද? ආණ්ඩුවට මඟ පෙන්වීමක්
ඒ සිදු කරන්නේ ජනමාධ්‍ය දෙස බලා හෝ ජනමාධ්‍යයෙන්වත් නොවේ. ප්‍රතිඵලදායි ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ රජයේ සෞඛ්‍ය ඇමතිවරයායි. ඒ මෙසේයි.
අප රටේ පළාත් 9ක් තිබෙනවා. වැඩිපුරම ඩෙංගු ඇත්තේ කවර පළාතේදැයි මුලින්ම හඳුනාගත යුතු වෙනවා. ඊළඟට ඒ පළාත් කුඩාම පරිපාලන ඒකකය ලෙස ගැනෙන ග්‍රාම නිලධාරි වසම තුළ හිටි ග්‍රාමනිලධාරිවරුන් හා වරියන් සියල්ලෙන්ම කොළඹ ස්ථානයකට එක් දිනෙක කැඳවිය යුතු වෙනවා. කොළඹ තැනෙක පවත්වන සැසිය අංග සම්පූර්ණ විය යුතුයි. ඩෙංගු මඬින සැටි පිළිබඳ වාචික මෙන්ම ලිඛිත ප්‍රකාශනයක් ඔවන් යළි තම වසම වෙත යන විට රැගෙන යන්නට ලබාදිය යුතු වෙනවා. සැසියේදී ප්‍රධාන කරුණු මේවා විය යුතුයි.
1.       තමන්ගේ වසම තුළ (වැයික්කිය තුළ) ඇති නිවාස සහ ඉඩම් ගණන නිශ්චය කර ගැනීම.
2.       ගමේ තරුණයන් දස දෙනකුගේ සංඛ්‍යාවක් කැඳවා ගැනීම.
3.       අදාළ ප්‍රාදේශීය සභාවේ හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හෝ වාහන (ට්‍රැක්ටර් දෙක තුනක්) මෙන්ම  දූමායනයට පහසුකම්, ඉණිමං කිහිපයක් ලබා දීම.
4.       ඒ සියලු දෙනාටම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම.
5.       සති අන්ත දින දෙකම නිවසින් නිවසට ගොස් පවිත්‍ර කිරීමේ කටයුතු නිසි ලෙස සිදුකොට සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කරන කාර්ය සාධක බළකායේ
6.       නිලධරයන්ට දැන්වීම
ඒ වාර්තා නිශ්චය කිරීමට ඔවුන් අදාළ වසමට ගොස් තහවුරු කර ගැනීම සමග මදුරුවන් බෝ වන ස්ථාන නැති බවට සහතික වීම.
ඊළඟට වෙනස් පළාතක ග්‍රාම සේවක වසම් වෙත යොමු වීම.
මේ ක්‍රියාවලිය විදෙස් රටකින් බැක්ටීරියා ගෙන්වීමත් ඊට වැය කරන ධනස්කන්ධයටත් වඩා අතිශයින් ප්‍රතිඵලදායක වන බව ප්‍රත්‍යක්ෂයි. දැන් සිදුවන්නේ කවර හෝ මැති ඇමැතිවරයකු මාධ්‍යයත් සමග තම ප්‍රදේශයේ ප්‍රජාවට හැකියාව පෙන්වීමයි.

ප්‍රතිකාර

කඩින්කඩ වැසි සහිත කාලයකදී ඩෙංගුවලින් වඩාත් පරෙස්සම් විය යුතු අය වන්නේ ගර්භිණී මවවරුන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඒ වාගේම නිදන්ගත රෝග තියෙන අයත්. මොකද? මේ අයට සංකූලතා ඇතිවීමේ අවදානම සමාන්‍ය අයට වඩා විකාර වැඩියි. ඒ නිසා උණ   හැදුණොත් පළමුවන උණ දවසේම රුධිර පරීක්ෂාවක් කරගන්න. වෙනසක් නැති වුණොත් නොකඩවා දින දෙකක් විතර රුධිර පරීක්ෂණ කරගන්න. ඩෙංගු වැලඳුනාම ගර්භිණි මව්වරුන් හිතනවා. ඉපදෙන දරුවාටත් ඒක හැදෙයි කියලා. එහෙම බයවෙන්න දෙයක් නෑ. ඉපදෙන දරුවාට ඩෙංගු හැදෙන්නෙ නැහැ. නමුත් වෙනත් අයට වඩා ඔවුන් පරෙස්සම් විය යුතුයි. සංකූලතාවලින්.
ඩෙංගු රෝගියෙකු වෙදකම හා සමානවම හෙදකමත් වැදගත්. අයි.ඩී.එච්. රෝහලේදී නම් රෝගීන්ට හෙදකම ලැබෙන්නේ ඩෙංගු කළමනාකරණය වෙනුවෙන් විශේෂයෙන්ම පුහුණු වූ හෙද කාර්ය මණ්ඩලයකින්.
ඩෙංගු උණ වැලදිලා ඉන්න කාලය තුළ ඇඳ විවේකය අත්‍යවශ්‍යයි. ඇඳ විවේකය නොලබා වෙහෙසවීම සංකූලතා ඇති වීමට හේතුවක්. ඒ වගේම දියර වර්ග වැඩිපුර පානය කළ යුතුයි. තැඹිලි, කැඳ, සුප්, දෙහි යුෂ, ජීවනී, කොළ ඇපල් යුෂ, දොඩම් යුෂ වැනි දේ සුදුසුයි. පලතුරු යුෂ ලබාදීමේදී ඒවායේ නැවුම් බව ගැන සැලකිලිමත් විය යුතුයි. සකස් කරලා හැති ඉක්මනින් රෝගියාට ලබාදීම තමයි වඩා සුදුසු.
රෝගියකු රෝහල්ගත වුණාම දියර වර්ග පානයට දෙන්නෙ මැනලා. ඒ වගේම පැය 6කට වරක් රුධිර පරීක්ෂාවකුත් සිදු කරනවා. රුධිර පීඩනය ගැන නිරතුරු අවධානයෙන් සිටිනවා.
ඩෙංගුත් සමග දැනෙන අපහසුතා ගැන අවධානයෙන් සිටීම ඩෙංගු පැරදවිය හැකි හොඳම මඟයි.
ඩෙංගු රෝගියකුට විවේකය වුවමනා වෙන්නේ රෝගීව සිටින කාලය තුළ පමණයි. සුවවෙලා නිවසට ගියාට පස්සෙ වෙනදා විදිහට වැඩ කටයුතු කරගන්න හුරුවෙන්න පුඵවනි.
එක්වරක් ඩෙංගු වැලඳුණු කෙනෙකුට යළිත් හැදුණොත් සංකූලතා ඇතිවීමේ අවදානම ටිකක් ඉහළයි. සංකූලතා ඇතිවීම රෝගියාගෙන් රෝගියාට වෙනස්.

ඩෙංගු වැලඳී සුවවීමෙන් පසුවත් මාසයක් විතර විවේක ගන්න ඕනෑ කියලා සමහරු හිතනවා. එයත් දුර්මතයක්.



WHITESTICK STORY

A long cane, the primary mobility tool for the visually impaired A white cane is used by many people who are blind or visually...