Showing posts with label ගිහියෝ සහ පැවිද්දෝ. Show all posts
Showing posts with label ගිහියෝ සහ පැවිද්දෝ. Show all posts

Wednesday, June 21, 2017

ගිහියා් සහ පැවිද්දෝ

ගිහියෝ සහ පැවිද්දෝ

ගිහියෝ හාමුදුරුවන්ට බණිත්ද? දොස් කියත්ද? කෙනතු මගෙන් ඇසුවහොත් එක්වරම මට ඔව් කිව හැකිද? හැකිය. ඒ ඇයි. හැම ගිහියකුම හාමුදුරුවන්ට බණීන්නේ නැත. ඇතැම් ගිහියෝ නිර්දය ලෙස හාමුදුරුවන්ට බැණවදිති.ඒ අතර වෙනත් ආගම් අදහන ඇත්තන්ද සිටිය හැකිය. නමුත් තවම මූණටම බැණවදින කිසිවකු මා දැක නැත. බණීතොත් දොස් කියතොත් ඒ  සියල්ල උන්වහන්සේලා නැති තැනකය.
වෙනත් ආගම් අදහන්නන්ගෙන් මෙසේ අසා ගත හැකිය.
''ඔන්න උඹලෑ හාමුදුරු කරන වැඩ" ආදී වශයෙනි.  ඇතැම් හාමුදුරුවන්ගේ අසීලාචාර හැසිරීම් නම් ඉවසා සිටිය නොහැකිය. මන්ද යත් අනෙක් ආගම්වල නැති සීලාචාරකමක්  බුද්ධාගමේ  හාමුදුරුවන්ට තිබෙන බැවිනි.  හොඳයි. හාමුදුරුවන් සිටිය යුත්තේ ගිහියන්ට ඕනෑ හැටියටද? නැත්නම් හාමුදුරුවන්ටම ඕනෑ විධිහහටද? එසේත් නැත්නම් ධර්මයේ විධිහටද?
ධර්මයේ සඳහන් විධීහටය. එසේ නම් පළමුව හින්මීම ඇතිකරගත යුතුය.
මේ බලන්න මේ වචනවල ඇති හික්මීම.
කෑම නොකයි. නමුත් ආහාර වළදයි. බීම නොබොයි. නමුත් ගිලන්පසත් වළඳයි. නිදා නොගනී මුත් සැතපෙයි. යන්නේ එන්නේ නැතත් වඩී. කියන්නේ නැති වුණත් වදාරයි. මැරෙන්නේ නැතත් අපවත් වෙයි.
නමුත් හාමුදුරුවන්නේ ශික්ෂණය කඩ වූ විට මෙසේ කීවේලු.
'' හාමුදුරුවන් වැඩ්ඩා වැඩිල්ලක්..."
'' හාමුදුරුවනේ.. අපවත් වෙන්නද ඔය පුට්බෝඩ්ඩෙකේ යන්නේ.."
" ඔන්න කහකඩ කෑල්ලක් හනික අද්දපන් බස්සෙක"

හාමුදුරුවන්ගේ අභින 4ම සංවර විය යුතු වුවත් හාමුදුරුවෝ එය ගණනකට නොගනිති. වාචික, ආංගික, සාත්වික හා ආහාර්ය. ඒ අභින 4යි. අපි හාමෝම මේ ජීවිත රඟම්‍ඬලේ නළු නිළියන් වෙමු.  බ්‍රෙෂ්ට් කීවේ එසේය. එහෙත් රංගනය අමතක කර ගිහි පැවිදි බෙහෝ දෙනෙක්  අද විහිළුකරයෝ වී සිටිති. දෙපා දොවන වතුරෙන්ම හාමුදුරුවන්ට   පණ බේරගෙන වඩින්න ජලප්‍රහාර ලැබෙන්නේ මොකද කියලා තමයි මට තේරෙන්නෙ නැත්තෙ.

WHITESTICK STORY

A long cane, the primary mobility tool for the visually impaired A white cane is used by many people who are blind or visually...